Wednesday, February 28, 2018

ලිපි අංක - 03

කොටස් වෙළෙඳපොළ ගැන....

ලිපි අංක - 03

කලින් ලිපි වලට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුනා. ඒකට හැමෝටම ගොඩාක් ස්තූතියි. මම අද කියන්න යන්නේ කොටස් වෙළඳ පොළ ගැන හැමෝටම මතු වෙන ගැටලු කිහිපයක් ගැන.
Related image

මෙය මාසික ආදායමක් ලබා ගත හැකි දෙයක් බව සිතීම....
අපි බැංකුවක සල්ලි දැම්මා කියලා හිතමු. එතකොට අපිට බැංකුව මගින් මාසිකව පොළියක් ගෙවනවානේ. ඒත් කොටස් වෙළෙඳපොළේ දී අපි කරන්නේ මුදල් ආයෝජනයක්. ඒ නිසා කෙටි කාළයක දී ලාභයක් ලැබෙන්නත් පුලුවන්. නොලැබී යන්නත් පුලුවන්. මාසිකව මේ මුදල අපිට ලැබෙයි කියලා නිශ්චිතව කියන්න බෑ. කොටස් මිළ බැස්සොත් යෙදූ මුදලේ වටිනාකම අඩු වෙනවා. කොටස් මිළ ඉහළ ගියොත් යෙදූ මුදලේ වටිනාකම ඉහළ යනවා.

Image result for milioner

කෙටි කාළයකින් මෙමගින් කෝටිපතියෙක් විය හැකි බව සිතීම....
කොටස් වෙළෙඳපොළ ආයෝජනය ඉතාමත් හොඳ දෙයක්. ඒත් දවසින් දෙකෙන් මේකෙන් කෝටිපතියෙක් වෙන්න බෑ. අපි මුදල් ආයෝජනය කළ යුත්තේ නිවැරදි සමාගම් වල. හොඳ ඉපයීමක් සහිත ඉහළ ලාභාංශ ගෙවන සමාගම් වල. එවිට එම සමාගම් දීර්ඝකාලීනව දියුනු වීමේදී අපි මිළ දී ගත් කොටස් වල කොටසක වටිනාකම ඉහළ යයි. එවිට ආයෝජකයන් වැඩි මුදලක් ගෙවලා ඒ කොටස මිළ දී ගන්න පෙළඹෙනවා. ඉතින් සමාගමේ වත්කම වැඩි වෙලා ආදායම වැඩි වීමත් එක්ක තමයි එය සිදුවෙන්නෙ. ඒකයි කොටස් වෙළෙඳපොළ ආයෝජනය දීර්ඝකාලීන ආයෝජන මාර්යක් ලෙස හදුන්වන්නෙ.
Image result for milioner

කොටස් වෙළෙඳපොළ ආයෝජනය පොඩි මුදලකින් ආරම්භ කළ නොහැකි බව සිතීම.
කොටස් ආයෝජනය රු. 1000 ක් වගේ ඉතා කුඩා මුදලකින් පටන් ගන්නත් පුලුවන්. එහෙම පොඩි මුදලකින් පටන් ගන්න එක තමයි නවක ආයෝජකයෙක්ට ඉතාම සුදුසුම දේ. කොටස් වෙළෙඳපොළ ගැන තමන්ගේ දැනුම අවබෝධය වැඩි වෙනකොට තමන් ආයෝජනය කළ මුදල වැඩි කරන්න නවක ආයෝජකයන්ට පුලුවන්.
Image result for investment mind

කොටස් වෙළඳපොළ ආයෝජනයට තමන්ගේ දැනුම ප්‍රමාණවත් නොමැති බව සිතීම...
ගොඩාක් අය හිතන්නේ කොටස් වෙළඳපොළ ආයෝජනය මම තව ටිකක් ඉගෙන ගෙන කරනවා කියලා. ඒත් පුංචි රුපියල් 1000ක් වගේ මුදලකින් ඕනෙ කෙනෙක්ට මේක පටන් ගන්න පුලුවන්.. ගොඩාක් අයට ඕනෙ වතුර පෑගෙන්නේ වත් නැතුව පීනන්න ඉගෙන ගන්න. කොටස් වෙළඳපොළ ආයෝජනය එහෙම කරන්න බෑ. ඉතාම සුලු මුදලකින් පටන් ගන්න. ඒක තමයි කොටස් වෙළඳපොළ ආයෝජනය ගැන ඉගෙන ගන්න තියෙන හොඳම විදිහ...
කොටස් වෙළෙඳපොළ මුදල් ආයෝජනය කිරීම ඉතාමත් හොඳ දෙයක්. හැබැයි අපි ඒක කරන්න ඕනෙ ඉතාම නැණවත් විදිහට. හොඳ සමාගම් කොටස් ඉතා අඩුම මිළට මිල දී ගත යුතු අතර ලාභාංශ ගෙවනු ලබන සමාගම් වල කොටස් මිළ දී ගැනීම තවත් හොඳය.
Image result for choose good company
හොඳ සමාගම් කොහොමද තෝර ගන්නේ,
ඒකත් හැමෝටම මතුවෙන ගැටළුවක්. හොඳ ඉපයීමක් තියෙන, වසරක් පාසා ආයෝජකයන්ට ගෙවන ලාභාංශ ප්‍රමාණය වැඩි කරන සමාගම් හොඳ සමාගම් වේ. ලාභාංශ ප්‍රමාණය 7% - 9%
අතර ගෙවනු ලබන්නේ නම් එම සමාගම් ඉතා හොඳ ය. කොටස් මිළ දී ගැනීමට.සුදුසු අවස්ථාව වන්නේ ඉතාම අවම මුදලට එම හොඳ සමාගම් වල කොටස් අලෙවි වන විටයි.....
කොටස් වෙළෙඳපොළ තුළ තියෙන සමාගම් වර්ග මොනවා ද? , කොටස් ගන්නකොට අපි යොදන්න ඕනෙ උපක්‍රම මොනවද ඒ හැමදේම ඉදිරි ලිපි වලින් දාන්නම්...
එහෙනම් ඉතින් මේ කියපු කරුණුත් හිතට අරගෙන සාර්ථක ආයෝජකයෙක් වෙන්න උත්සහ කරන්න. ලිපියේ අඩු පාඩු මොනවා හරි දැක්කොත් කියන්න. ලිපිය හොඳ නම් අදහසක් දාන්න. එහෙනම් හැමෝටම ජය !
සටහන - ධර්මප්ප්‍රිය ආනන්ද විසිනි....


No comments:

Post a Comment