Wednesday, February 28, 2018

ඔබ මං වගේ වෙන්නත් එපා! ඔබ ඔබ ම වෙන්න



" Be fearful when others are greedy and be greedy when others are fearful "

Image may contain: text


ලෝකයේ මෙතෙක් බිහි වූ සාර්ථකම ආයෝජකයා ලෙසින් සැලකෙන වොරන් බෆට් නම් විශිෂ්ට ආයෝජකයා විසින් පවසා තිබෙන මෙම කියමන ඉතා වැදගත්.
ඔහු පවසන පරිදි අනිත් අය ඉතා ඕනෑකමින් කොටස් මිළ දී ගන්නා විට තමා සතු කොටස් විකිණිය යුතු අතර, අනිත් ආයෝජකයින් ඉතා ඕනෑකමින් කොටස් විකුණන විට කොටස් මිළ දී ගත යුතු බවයි. ධනවත් වීමේ රහස එය බවයි ඔහු පවසන්නේ...
පහත රූපයේ තිබෙන්නේ ද එයයි. සාමාන්‍ය ආයෝජකයින් ඉතා විශාල ලෙස මුදල් ආයෝජනය කරන විට බුද්ධිමත් ආයෝජකයින් ටිකෙන් ටික තමාගේ මුදල් ඉවත් කර ගන්නා ආකාරය එම රූපයෙන් කදිමට දැක්වෙනවා...
ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් share කරන්නත් අමතක කරන්න එපා...
උපුටා ගැනීමැකි.

"උපයන දෙයින් හතරෙන් එකක් පරිභෝජනය කරලා, තව ටිකක් ඉතිරි කරලා හතරෙන් දෙකක් ම ආයෝජනය කරන්න  "
"ඔබ මං වගේ වෙන්නත් එපා! ඔබ ඔබ ම වෙන්න"


කොටස් වෙළෙදපොල ආයෝජනය කර ඔබත් ධනවත් වන්න ..💸💸💰
අපගේ සේවාව දැන් Airtel වෙතිනුත් ලබා දෙන බව කරුණාවෙන් දැනුම් දෙමි .😱😱
කොටස් වෙළෙදපොල පිළිබද තොරතුරු ඔබගේ ජංගම දුරකතනයටම...📲📲


REG (space) cscse

ලෙස සදහන් කර 77000  ට SMS කරන්න .

Only Airtel / Dialog / Hutch

👍👍👍





කෝටියක් වටිනා 💰 අදහස් සදහා මසකටම පුංචිම පුංචි රු.30ක් සහ රජයේ බදු මුදල් අය වේ..🚗🤴🏻🏡😇

ලිපි අංක - 05

කොටස් වෙළෙඳපොළ ගැන....

ලිපි අංක - 05
Image result for stock market
කොටස් වෙළෙඳපොළ ආයෝජනය පටන් ගන්නෙ කොහොමද කියලා තමයි අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ...
කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු සිදුකරන්න පුළුවන් කොටස් තැරැව්කාර ආයතනයක් හරහා විතරයි. ඒ නිසා අපි මුලින්ම කරන්න ඕනෙ කොටස් වෙළෙඳපොළේ සාමාජික තැරැව්කාර ආයතනයක් තෝරාගන්න එක. කොටස් තැරැව්කාර ආයතනයක් තෝර ගත්තට පස්සෙ අපි ගන්න කොටස් ටික තැන්පත් කරන්න ගිණුමක් හදාගන්න ඕනෙ. මේ ගිණුමට කියන්නෙ CDS ගිණුම කියලා. අපි මිළ දී ගන්න කොටස් තැන්පත් කරලා තියන්නෙ මෙන්න මේ CDS කියන ගිණුම තුළ. ඔයා තෝරගත්ත තැරැව්කාර ආයතනය මගින් ඔයාට නොමිළේම CDS ගිණුමක් හදා ගන්න පුළුවන්. CDS ගිණුමක් හදලා දෙනවට අමතරව කොටස් තැරැව්කාර ආයතන තවත් වටිනා සේවා රැසක් සපයනවා. ඒ නිසා කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු සිදුකරද්දි කොටස් තැරැව්කාර ආයතන කියන්නෙ මොනවද කියලා දැනගෙන ඉන්න එක අත්‍යාවශ්‍ය දෙයක්.
Image result for stock market

කොටස් තැරැව්කාර ආයතන කියන්නේ මොනවා ද?

කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු සිදුකරන්න බලය තියෙන්නෙ කොටස් වෙළෙඳපොළේ සාමාජික තැරැව්කාර ආයතන වලට විතරයි. මේ තැරැව්කාර ආයතන කොටස් ගනුදෙනු වලදී කොටස් වෙළෙඳපොළ සහ ආයෝජකයා අතර අතරමැදියෙකු ලෙස ක්‍රියා කරනවා. කොටස් තැරැව්කාර ආයතන විවිධ වටිනා සේවා රැසක් ආයෝජකයින් වෙනුවෙන් සිදු කරනවා. ඒ වෙනුවෙන් ඉතා සුළු මුදලක් කොටස් ගනුදෙනු සිදුකිරීමේදී තැරැව්කාර ගාස්තු ලෙස අය වීම සිදු වෙනවා.

Image result for stock market

කොටස් තැරැව්කාර ආයතන විසින් සපයනු ලබන වටිනා සේවා....

ආයෝජකයින් වෙනුවෙන් CDS ගිණුම් ආරම්භ කිරීම හා ඒවා පවත්වාගෙන යාම.
ආයෝජකයින් වෙනුවෙන් කොටස් මිළ දී ගැනීම හා විකිණීම සිදුකිරීම.
කොටස් වෙළෙඳපොළ ගැන දැනුම අඩු ආයෝජකයින්ව දැනුවත් කිරීම.
ආයෝජකයින්ගේ CDS ගිණුමේ ගැටළු මතු වූ විට ඒවා නිරාකරණය කර දීම.
කොටස් මිළ දී ගත යුතු වෙලාව සහ විකිණිය යුතු වෙලාව පිළිබඳව ආයෝජකයින්ව දැනුවත් කිරීම.
සෑම ආයෝජකයෙක් සඳහාම ආයෝජන උපදේශකවරයකු ලබා දීම.
විවිධ සමාගම් හා ව්‍යාපාර ක්ෂේත්‍ර පිළිබඳව සමීක්ෂණ සිදුකර වාර්තා ඉදිරිපත් කිරීම.
ඉතින් මේ වගේ වටිනා සේවා සපයන තැරැව්කාර ආයතන කොහෙද තියෙන්නේ කියලා අපි බලමු.
කොටස් තැරැව්කාර ආයතනයකට පහසුවෙන්ම සම්බන්ධ වෙන්න පුළුවන් විදිහ තමයි කොළඹ කොටස් වෙළෙඳපොළේ ශාඛා කාර්යාලයකට යන එක. කොළඹ කොටස් වෙළෙඳපොළේ ශාඛා කාර්යාල ලංකාවේ හැම පළාතක්ම ආවරණය වෙන විදිහට එයාලා පවත්වාගෙන යනවා.

Image result for colombo stock market sub

කොළඹ කොටස් වෙළෙඳපොළේ ශාඛා කාර්යාල පිහිටා ඇති ප්‍රදේශ...

මාතර ශාඛාව - මාතර
මහනුවර ශාඛාව - මහනුවර
කුරුණෑගල ශාඛාව - කුරුණෑගල
මීගමුව ශාඛාව - මීගමුව
යාපනය ශාඛාව - යාපනය
අනුරාධපුර ශාඛාව - අනුරාධපුරය
ඇඹිලිපිටිය ශාඛාව - ඇඹිලිපිටිය
ගම්පහ ශාඛාව - ගම්පහ
කිරිබත්ගොඩ ශාඛාව - කිරිබත්ගොඩ
ඔයාලට මේ ශාඛා වලට අනුබද්ධ කොටස් තැරැව්කාර ආයතන ගැන දැනගන්න පුළුවන් මේ ලින්ක් එකට ගියොත්...
https://www.cse.lk/home/branchOfficesSalesOutlets
එහෙනම් ඉතින් පුලුවන් තරම් සරළව තමයි අද ලිපියෙනුත් ඔයාලට කොටස් වෙළඳපොළ ගැන පැහැදිලි කිරීමක් කලේ. මම හිතන්නේ අද ලිපියෙන් ඔයාලට මොකක්ද කොටස් තැරැව්කාර ආයතනයක් කියන්නෙ, කොහොමද අපි කොටස් තැරැව්කාර ආයතනයක් හරහා CDS ගිණුමක් හදා ගන්නේ, තැරැව්කාර ආයතනයකින් අපිට ලැබෙන සේවා මොනවද කියලා පැහැදිලි වෙන්න ඇති....
එහෙනම් මේ ලිපිය ගැන ඔයාලගෙ අදහසත් දාන්න. තේරෙන්නේ නැති දෙයක් තිබුණොත් අහන්න. අඩු පාඩු තියෙනවා නම් පෙන්නලා දෙන්න. තවත් මේ වගේම කොටස් වෙළඳපොළ ආයෝජනය ගැන ලිපියකින් පස්සේ හම්බෙමු. 
එහෙනම් ඔයාලට ජය!
සටහන- ධර්මප්ප්‍රිය ආනන්ද විසිනි...



ලිපි අංක - 04

කොටස් වෙළෙඳපොළ ගැන....

ලිපි අංක - 04
Image result for share market gain
කොටස් වෙළෙඳපොළ ගැන යම් තරමක දැනුමක් ඔයාලට දැන් ලැබිලා ඇති කියලා හිතනවා. ඒ නිසා අද මම කියලා දෙන්න හදන්නේ කොටස් වෙළෙඳපොළ තුළ අපිට දීර්ඝ කාලීනව ප්‍රතිලාභ ලැබිය හැකි ආකාරය ගැනයි..
මේකෙදි අපි ප්‍රතිලාභ ලැබෙන ආකාර දෙකක් ගැන සළකා බලනවා. ඒ තමයි ප්‍රාග්ධන ලාභය සහ ලාභාංශ ආදායම....
Image result for capital gain

ප්‍රාග්ධන ලාභය...

අපි මිළ දී ගත්ත කොටසක් ගත්ත මිළට වඩා වැඩියෙන් විකුණපුවම අපිට ලැබෙන ලාභයට කියන්නෙ ප්‍රාග්ධන ලාභය කියලා.
අපි හිතමු අපි රුපියල් 20 ගානෙ කොටස් 100 මිළ දී ගෙන රුපියල් 25 ගානෙ ඒ කොටස් 100 විකුණුවා කියලා එතකොට අපිට එක කොටසකින් රුපියල් 5ක ප්‍රාග්ධන ලාභයක් ලැබෙනවා. ඒක ලැබෙන්නෙ විකුණපු මිළෙන් ගත්ත මිළ අඩු කරපුවම.
ප්‍රාග්ධන ලාභ වගේම ප්‍රාග්ධන අලාභත් ලබන්න පුළුවන්. ඒක වෙන්නෙ අපි ගත්ත කොටසක් ගත්ත මිළටත් වඩා අඩුවෙන් විකුණපුවම. ඒ නිසා සමාගම් කොටස් මිළ දී ගැනීමේ දී හොදින් සොයා අඩුම මිළට තිබෙන හොඳම කොටස් මිළ දී ගත යුතුයි.
Image result for dividend income

ලාභාංශ ආදායම.....

සමහර සමාගම් එයාලා වාර්ෂිකව උපයන ලාභයෙන් කොටසක් එම සමාගමේ කොටස් හිමියන්ට බෙදලා දෙනවා. ඒකට කියන්නෙ ලාභාංශ බෙදනවා කියලා. කොටස් මිළ එක්ක බැලුවම වැඩි ලාභාංශ ප්‍රතිශයක් ගෙවන සමාගම් වලට ආයෝජකයින් වැඩි කැමැත්තක් දක්වනවා.
අපි හිතමු කොටසක් රුපියල් 20 වන සමාගමක් රුපියල් 2 ක ලාභාංශයක් දුන්නා කියලා. එතකොට ලාභාංශ ප්‍රතිශතය වෙන්නේ,
(2/20)*100 = 10%
ඒ කියන්නෙ එම සමාගම විසින් කොටස් හිමියන්ට වසරකට 10% ක ලාභාංශ ප්‍රතිශතයක් ගෙවලා තියෙනවා කියලා.
අපි කොටස් වෙළෙඳපොළ තුළ ආයෝජනය කරද්දි ලාභාංශ ආදායමයි, ප්‍රාග්ධන ලාභයයි දෙකම ගැන හිතලා තමයි ආයෝජනය කරන්න ඕනෙ. එහෙම ආයෝජනය කරපුවම ආයෝජනය සාර්ථක වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි..
අපි හිතමු නිමා කියන සමාගමේ කොටසක් කොටස් වෙළෙඳපොළ තුළ රුපියල් 20 ට අළෙවි වෙනවා කියලා. ඒක වාර්ෂිකව රුපියල් 2ක ලාභාංශයක් ලබා දෙනවා කියලා හිතමු. එතකොට අපි ඒ කොටසක් අවුරුද්ද තියාගෙන ඉදලා රුපියල් 24කට විකිනුවොත් අපට ප්‍රාග්ධන ලාභය රුපියල් 4ක් ලැබෙන අතර ලාභාංශ ආදායම රුපියල් 2ක් ලැබෙනවා. ඒ නිසා නිමා සමාගමේ එක කොටසක් විකුණපුවම අපට ලැබෙන මුළු ලාභය 4+2 = රුපියල් 6 ක් වෙනවා. ඒ කියන්නෙ අපිට ලැබෙන ප්‍රතිලාභ ලැබිලා තියෙන්නෙ ප්‍රාග්ධන ලාභය විදිහට රුපියල් 4ත්, ලාභාංශ ආදායම විදිහට රුපියල් 2කුත් යන දෙකම එකතු වෙලා.
ඒ නිසා කොටස් වෙළෙඳපොළ තුළ දීර්ඝ කාලීනව ආයෝජනය සිදු කරද්දී සුදුසුම දේ තමයි ප්‍රාග්ධන ලාභයත්, ලාභාංශ ආදායමත් යන දෙක ගැනම සළකලා ආයෝජනය කරන එක.
එහෙනම් මේ කියලා දුන්න කරුණුත් හිතට අරගෙන ඔයාලගෙ ආයෝජනය සාර්ථක කර ගන්න කියලා සුභ පතනවා !
සටහන - ධර්මප්ප්‍රිය ආනන්ද විසිනි.....



ලිපි අංක - 03

කොටස් වෙළෙඳපොළ ගැන....

ලිපි අංක - 03

කලින් ලිපි වලට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුනා. ඒකට හැමෝටම ගොඩාක් ස්තූතියි. මම අද කියන්න යන්නේ කොටස් වෙළඳ පොළ ගැන හැමෝටම මතු වෙන ගැටලු කිහිපයක් ගැන.
Related image

මෙය මාසික ආදායමක් ලබා ගත හැකි දෙයක් බව සිතීම....
අපි බැංකුවක සල්ලි දැම්මා කියලා හිතමු. එතකොට අපිට බැංකුව මගින් මාසිකව පොළියක් ගෙවනවානේ. ඒත් කොටස් වෙළෙඳපොළේ දී අපි කරන්නේ මුදල් ආයෝජනයක්. ඒ නිසා කෙටි කාළයක දී ලාභයක් ලැබෙන්නත් පුලුවන්. නොලැබී යන්නත් පුලුවන්. මාසිකව මේ මුදල අපිට ලැබෙයි කියලා නිශ්චිතව කියන්න බෑ. කොටස් මිළ බැස්සොත් යෙදූ මුදලේ වටිනාකම අඩු වෙනවා. කොටස් මිළ ඉහළ ගියොත් යෙදූ මුදලේ වටිනාකම ඉහළ යනවා.

Image result for milioner

කෙටි කාළයකින් මෙමගින් කෝටිපතියෙක් විය හැකි බව සිතීම....
කොටස් වෙළෙඳපොළ ආයෝජනය ඉතාමත් හොඳ දෙයක්. ඒත් දවසින් දෙකෙන් මේකෙන් කෝටිපතියෙක් වෙන්න බෑ. අපි මුදල් ආයෝජනය කළ යුත්තේ නිවැරදි සමාගම් වල. හොඳ ඉපයීමක් සහිත ඉහළ ලාභාංශ ගෙවන සමාගම් වල. එවිට එම සමාගම් දීර්ඝකාලීනව දියුනු වීමේදී අපි මිළ දී ගත් කොටස් වල කොටසක වටිනාකම ඉහළ යයි. එවිට ආයෝජකයන් වැඩි මුදලක් ගෙවලා ඒ කොටස මිළ දී ගන්න පෙළඹෙනවා. ඉතින් සමාගමේ වත්කම වැඩි වෙලා ආදායම වැඩි වීමත් එක්ක තමයි එය සිදුවෙන්නෙ. ඒකයි කොටස් වෙළෙඳපොළ ආයෝජනය දීර්ඝකාලීන ආයෝජන මාර්යක් ලෙස හදුන්වන්නෙ.
Image result for milioner

කොටස් වෙළෙඳපොළ ආයෝජනය පොඩි මුදලකින් ආරම්භ කළ නොහැකි බව සිතීම.
කොටස් ආයෝජනය රු. 1000 ක් වගේ ඉතා කුඩා මුදලකින් පටන් ගන්නත් පුලුවන්. එහෙම පොඩි මුදලකින් පටන් ගන්න එක තමයි නවක ආයෝජකයෙක්ට ඉතාම සුදුසුම දේ. කොටස් වෙළෙඳපොළ ගැන තමන්ගේ දැනුම අවබෝධය වැඩි වෙනකොට තමන් ආයෝජනය කළ මුදල වැඩි කරන්න නවක ආයෝජකයන්ට පුලුවන්.
Image result for investment mind

කොටස් වෙළඳපොළ ආයෝජනයට තමන්ගේ දැනුම ප්‍රමාණවත් නොමැති බව සිතීම...
ගොඩාක් අය හිතන්නේ කොටස් වෙළඳපොළ ආයෝජනය මම තව ටිකක් ඉගෙන ගෙන කරනවා කියලා. ඒත් පුංචි රුපියල් 1000ක් වගේ මුදලකින් ඕනෙ කෙනෙක්ට මේක පටන් ගන්න පුලුවන්.. ගොඩාක් අයට ඕනෙ වතුර පෑගෙන්නේ වත් නැතුව පීනන්න ඉගෙන ගන්න. කොටස් වෙළඳපොළ ආයෝජනය එහෙම කරන්න බෑ. ඉතාම සුලු මුදලකින් පටන් ගන්න. ඒක තමයි කොටස් වෙළඳපොළ ආයෝජනය ගැන ඉගෙන ගන්න තියෙන හොඳම විදිහ...
කොටස් වෙළෙඳපොළ මුදල් ආයෝජනය කිරීම ඉතාමත් හොඳ දෙයක්. හැබැයි අපි ඒක කරන්න ඕනෙ ඉතාම නැණවත් විදිහට. හොඳ සමාගම් කොටස් ඉතා අඩුම මිළට මිල දී ගත යුතු අතර ලාභාංශ ගෙවනු ලබන සමාගම් වල කොටස් මිළ දී ගැනීම තවත් හොඳය.
Image result for choose good company
හොඳ සමාගම් කොහොමද තෝර ගන්නේ,
ඒකත් හැමෝටම මතුවෙන ගැටළුවක්. හොඳ ඉපයීමක් තියෙන, වසරක් පාසා ආයෝජකයන්ට ගෙවන ලාභාංශ ප්‍රමාණය වැඩි කරන සමාගම් හොඳ සමාගම් වේ. ලාභාංශ ප්‍රමාණය 7% - 9%
අතර ගෙවනු ලබන්නේ නම් එම සමාගම් ඉතා හොඳ ය. කොටස් මිළ දී ගැනීමට.සුදුසු අවස්ථාව වන්නේ ඉතාම අවම මුදලට එම හොඳ සමාගම් වල කොටස් අලෙවි වන විටයි.....
කොටස් වෙළෙඳපොළ තුළ තියෙන සමාගම් වර්ග මොනවා ද? , කොටස් ගන්නකොට අපි යොදන්න ඕනෙ උපක්‍රම මොනවද ඒ හැමදේම ඉදිරි ලිපි වලින් දාන්නම්...
එහෙනම් ඉතින් මේ කියපු කරුණුත් හිතට අරගෙන සාර්ථක ආයෝජකයෙක් වෙන්න උත්සහ කරන්න. ලිපියේ අඩු පාඩු මොනවා හරි දැක්කොත් කියන්න. ලිපිය හොඳ නම් අදහසක් දාන්න. එහෙනම් හැමෝටම ජය !
සටහන - ධර්මප්ප්‍රිය ආනන්ද විසිනි....


ලිපි අංක - 02

කොටස් වෙළෙඳපොළ ගැන....

ලිපි අංක - 02

කොටස් වෙළඳපොළ ගැන ලියපු පළවෙනි ලිපියට හිතුවටත් වඩා ප්රතිචාර ලැබිලා තිබුණා. ඒ හැමකෙනෙක්ටම ගොඩාක් ස්තූතියි. පළවෙනි ලිපිය කියවපු ගොඩාක් අයට තිබුණ ගැටලුවක් තමයි මොකක්ද මේ CDS ගිණුම කියන්නේ කියලා. අද මම පැහැදිලි කරන්නේ ඒ ගැන.
ඔයාලා නිකමට හිතන්න අපි බැංකුවකට ගියාම අපිට එයාලා ගිය ගමන්ම සල්ලි දාන්න දෙනවද නෑ නේද. අපි බැංකුවේ ගිණුමක් පටන් ගත්තොත් තමයි අපේ මුදල් බැංකුවේ තැන්පත් කරන්න පුලුවන්. අන්න ඒ විදිහටම කොටස් වෙළඳපොළෙත් කොටස් ගණුදෙනු කරන්න නම් කොටස් ටික රඳවා තියන්න ගිණුමක් ඕනෙ. ඒ ගිණුමට කියන නම තමයි CDS ගිණුම කියන්නේ. හැබැයි බැංකු ගිණුමක තියෙන්නේ මුදල් උනාට සී.ඩී.එස්. ගිණුමක තියෙන්නේ අපි විසින් මිළ දී ගත් විවිධ සමගම් වල කොටස්. දැන් මම හිතන්නේ සරළවම මොකක්ද මේ සී.ඩී.එස්. ගිණුමක් කියන්නේ කියලා පැහැදිලි වෙන්න ඇති.


කොහොමද සී.ඩී.එස්. ගිණුමක් හදාගන්නේ?
කොටස් වෙළඳපොළේ ගණුදෙනු සිදු කිරීමට නම් කොටස් වෙළඳපොළට සම්බන්ධ වෙලා ඉන්න තැරැව්කාර ආයතන වල සහය ලබා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා. එහෙම නැත්නම් අපිට කොටස් වෙළඳපොළේ ගණුදෙනු සිදු කළ නොහැකියි. ඒ තැරව්කාර ආයතනයකට ගිය විට අපිට එයාලා නොමිළේම සී.ඩී.එස්. ගිණුමක් ආරම්භ කරලා දෙනවා. මේ සඳහා කොටස් වෙළඳපොළේ සාමාජික තැරැව්කාර ආයතන තිබෙනවා. බාර්ට්ලීට් රෙලිගෙයා, ආශා ෆ්ලිෆ්ස් , ෆ්රස්ට් කැපිටල්, ඇක්විට්, SC සෙකියුරිටීස් තැරව්කාර සමාගම ඒවාගෙන් කිහිපයක්. මේ තැරව්කාර ආයතන වල branch ලංකාවේ සෑම පළාතක්ම ආවරණය වෙන විදිහට තියෙනවා. තැරව්කාර ආයතන ගැන වැඩි විස්තර colombo stock exchange වෙබ් පිටුවෙන් ලබා ගන්න පුලුවන්.


තැරැව්කාර ආයතන මගින් ලබා ගත හැකි සේවා...
සී.ඩී.එස්. ගිණුමක් හෙවත් මධ්යම තැන්පතු පද්ධතියේ ගිණුමක් විවෘත කිරීමට උදව් වීම.
කොටස් ගැනීම් විකිණීම් ක්රියත්මක කිරීම.
කොටස් නිර්දේශ කිරීම්. එනම් එක් එක් අවස්ථාවන් වලදී ගැනීමට සහ විකිණීමට සුදුසු කොටස් ගැන විස්තර ලබා දීම.
කොටස් වල ආයෝජන්යේ දී ඇතිවන ගැටලු විසඳා ගැනීම සඳහා උදව් වීම.
මේ වගේ සේවාවන් අපිට තැරැව්කාර ආයතනයකින් ලබා ගන්න පුලුවන්. එම ආයතනයකට ගිය පසු එයාලා නොමිළේම අපිට සී.ඩී.එස් ගිණුමක් සාදා දෙනවා. ඉන්පසු එම තැරැව්කාර ආයතනය මගින් ලබා දෙන උපදෙස් අනුව ඔයාලට ඔයාලගෙ සී.ඩී.එස් ගිණුමට මුදල් දාන්න පුලුවන්. ඊට පස්සේ ඒ මුදල් වලින් ඔයාලගෙ තැරැව්කාර ආයතනය විසින් ඔයාට අවශ්ය කොටස් මිළ දී ගැනීම් සිදු කරනවා.
පුලුවන් තරම් සරළව තමයි අද ලිපියෙනුත් ඔයාලට කොටස් වෙළඳපොළ ගැන පැහැදිලි කිරීමක් කලේ. මම හිතන්නේ අද ලිපියෙන් ඔයාලට මොකක්ද සී.ඩී.එස් ගිණුමක් කියන්නේ, කොහොමද අපි සී.ඩී.එස්. එකක් හදා ගන්නේ, තැරැව්කාර ආයතනයකින් අපිට ලැබෙන සේවා මොනවද කියලා පැහැදිලි වෙන්න ඇති.
එහෙනම් මේ ලිපිය ගැන ඔයාලගෙ අදහසත් දාන්න. තේරෙන්නේ නැති දෙයක් තිබුණොත් අහන්න. අඩු පාඩු තියෙනවා නම් පෙන්නලා දෙන්න. තවත් මේ වගේම කොටස් වෙළඳපොළ ආයෝජනය ගැන ලිපියකින් පස්සේ හම්බෙමු. එහෙනම් ඔයාලට ජය!
සටහන- ධර්මප්ප්‍රිය ආනන්ද විසිනි...


කොටස් වෙළෙදපොල ආයෝජනය කර ඔබත් ධනවත් වන්න ..💸💸💰
කොටස් වෙළෙදපොල පිළිබද තොරතුරු ඔබගේ ජංගම දුරකතනයටම...📲📲





REG (space) cscse
ලෙස සදහන් කර 77000 ට SMS කරන්න .

Only for Airtel / Dialog / Hutch

👍👍👍















කෝටියක් වටිනා 💰      අදහස් සදහා මසකටම පුංචිම පුංචි 
රු.30ක් සහ රජයේ බදු මුදල් අය වේ..🚗🤴🏻🏡


-1:38

ලිපි අංක - 01

කොටස් වෙළෙඳපොළ ගැන....

ලිපි අංක - 01

Image result for colombo stock market sub

කොටස් වෙළඳපොළ කියන්නේ මොකක්ද කියලා ගොඩාක් අයට හරි අවබෝධයක් නෑ. මගේ උත්සහය වෙන්නේ පොඩි හරි දැනුමක් මේ ගැන ඔයාලට ලබා දෙන එක. මුලින්ම කියන්න ඕනෙ කොටස් වෙළඳපොළ කියන්නේ ආයෝජනයක්. මේක ඉතිරි කිරීමක් නෙමෙයි. ඉතින් ඔයාලගෙ සල්ලි ආයෝජනය කරන්න කලින් ඔයාලට දරන්න පුලුවන් අවධානම ගැනත් හිතන්න ඕනෙ. අපි දන්නවා බැංකුවක සල්ලි දැම්මොත් අපිට නිශ්චිත පොළියක් ලැබෙනවා. ඒ වගේම අපි ඉතිරි කරපු මුදලෙ අඩු වීමක් වෙන්නෙත් නෑ. ඒත් ආයෝජනයක දී එහෙම නෙමෙයි. අපි ගත්ත සමාගම් කොටස් වල මිළ පහත ගියොත් අලාභ ලබන්නත් වෙනවා. ඒකයි මම මුලින් කිව්වේ අපිට දරන්න පුලුවන් අවධානම ගැන අපි හිතලා බලලා තමයි කොටස් වෙළඳපොළ ආයෝජනය කිරීම ආරම්භ කළ යුතු වෙන්නේ.
අපිදැන් බලමු ඇයි කොටස් කොටස් වෙළඳපොළ ආයෝජනයට කට්ටිය යොමු වෙන්නේ කියලා. එකක් තමයි ඉතිරි කිරීම් වලින් අපිට පොළියක් ලැබුනට ඒ පොළිය උද්ධමන අනුපාතයට වඩා අඩුයි. ඒ නිසා ඊට වඩා වැඩි ප්රතිලාභයක් ගන්න ඕනෙ නිසා නිසා කොටස් වෙළඳපොළ ආයෝජනය කරනවා. අනිත් දේ තමයි අපිට මොකක් හරි ඉලක්කයක් තියෙනවා නම් ඒ ඉලක්කය කරා යන්නත් කොටස් වෙළඳපොළ ආයෝජනය යොදා ගන්නවා. අපි හිතමු අපිට ගෙයක් හදන්න තමයි අපි මේ මුදල් ආයෝජනය කරන්නේ කියලා. ඒ වගේ විවිධ අරමුණු ඇතිව කොටස් වල මුදල් ආයෝජනය කරනවා. ඒ වගේම තවත් අරමුනක් තමයි තරුණකාලෙ උපයන මුදල් හොඳින් ආයෝජනය කර ජීවිතයේ අග අවසන් කාලය නිදහසේ ගත කිරීම. මේ වගේ අරමුණු නිසා තමයි කොටස් වෙළඳපොළ මුදල් ආයෝජනයට කට්ටිය යොමු වෙන්නේ.

කොටස් වෙළඳපොළ අයෝජනය දිගු කාලීන ආයෝජන මාර්ගයක්. අපිට කෙටි කාලීනව මේකෙන් ප්රතිලාභ ලැබුනත් අපි අයෝජනය සිදු කිරීමේ දී අපි ආයෝජනය කරනු ලබන කාලයත් වැදගත් වෙනවා. ඒ නිසා කොටස් වෙළඳපොළ ආයෝජනට යොමු වෙන හැමෝම කෙටි කාලීන අරමුණු තියාගෙන මේකට යොමු වීම එතරම් හොඳ දෙයක් නෙමෙයි. නමුත් කාළයත් සමඟ තමන්ගේ දැනුම වැඩි වූ විට කෙටි කලීනවද මෙමගින් ප්රතිලාභ ලබා ගත හැකියි.

Related image

කොටස් වෙළඳපොළකදී සිදුවෙන්නේ කුමක්ද ?

වෙළඳපොළක දී සාමාන්යෙන් සිදුවන දේ තමයි මෙතනත් සිදු වෙන්නේ. අපි හිතමු සිල්ලර කඩේක මුදලාලි කරන දේ. එයා තොග වෙළෙන්දා ගෙන් මිළ දී ගත්ත භාණ්ඩ ලාභයක් තියාගෙන විකිණීම කරනවානේ. හැබැයි කොටස් වෙළඳපොළේ තියෙන්නේ ඒ වෙනුවට සමාගම් වල කොටස්. ඉතින් මේකෙන් ප්රතිලාභයක් ගන්න නම් අඩුම මිළට තියෙන හොඳ සමාගම් වල කොටස් මිළට ගෙන වැඩි මිළකට අලෙවි කළ යුතුයි. හැබැයි ඉතින් අපි කොටස් ගනිද්දි වැඩි මිළකට විකුණගන්න පුලුවන් කොටස් ගන්න සැළකිලිමත් වෙන්න ඕනෙ.
කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම අගට PLC යනුවෙන් යෙදෙනවා ජෝන් කීලස් හෝල්ඩින් පී.එල්.සී., හේමස් හෝල්ඩින්ග් පී.එල් සී. , ආසිරි හොස්පිටල් පී.එල්. සී. යනු සමාගම් කිහිපයක්.
Related image

මොකක්ද කොටසක් කියන්නේ?

සමාගමක ප්රාග්ධනය සමාන පංගුවලට බෙදුවම ඒ එක් පංගුවක් කොටසක් ලෙස හඳුනා ගන්න පුලුවන්. අපිට තියෙන කොටස් ගණන අනුව අපට ඒ සමාගමේ අයිතිය පෙන්වනවා. අපි හිතමු සමාගමක් විසින් කොටස් 100,000 ක් වෙළඳපොළට නිකුත් කරලා තියෙනවා කියලා. ඒ නිකුත් කරපු කොටස් වලින් යම් ආයෝජකයෙකු ලඟ කොටස් 1000ක් තියෙනවා නම් ඒකෙන් කියවෙන්නේ ඒ සමාගමෙන් 1% ක හිමිකාරීතවයක් එම ආයෝජකයා සතුව ඇති බවයි.

Image result for share market

කොටස් වෙළඳපොළක් යනු ?

සමාගම්හි සුරකුම්පත් එනම් කොටස් හෝ අනෙකුත් ගණුදෙනු උපකරණ මිළ දී ගැනීම හෝ විකිණීම සිදු කරන ස්ථානයක මෙළෙස හඳුන්වනු ලබයි. අපිට කොටස් ගන්න ඕනෙ නම් අපිට CDS ගිණුමක් තියෙන්න ඕනෙ. ඒක අපිට කොටස් තැරව්කාර ආයතනයට ගිහින් නොමිළේම පටන් ගන්න පුලුවන්. ඒ විස්තර ඊළඟ ලිපියෙන් ලියන්නම්.
මේ ලිපිය ගැන ඔයාලගෙ අදහස කියන්න. අඩු පාඩු තියෙනවා නම් කියන්න. එහෙනම් හැමෝටම ජය!

සටහන - ධර්මප්ප්‍රිය ආනන්ද විසිනි.....
Image result for stock market sri lanka

CSCSE

කොළඹ කොටස් වෙලෙදපොල 



සියල්ල මුල සිට සරලව ඉගෙන ගන්න එන්න අප හා එකතු වන්න.



මොහොතක් නැවතී බලන්න...

ඔබ නොදැනුවත් දේ බොහෝ ඇත...
ඔබට මෙවැනි අවස්ථා කොපමණ මගහැරී ඇතිද..??
ඇයි තවත් බලාගෙන සිටින්නේ...අතීතය අපට වෙනස් කල නොහැක..
කල හැක්කේ මේ දැන්ම ක්‍රියාත්මක වී...අනාගතය වෙනස් කිරීම පමනි...!


කොළඹ කොටස් වෙලෙදපොල පිලිබදව සියලුම දේ සරලව ඉගෙන ගන්න. එන්න අප හා එකතු වන්න..
කොටස් වෙළෙදපොල ආයෝජනය කර ඔබත් ධනවත් වන්න ..💸💸💰
අපගේ සේවාව දැන් Airtel වෙතිනුත් ලබා දෙන බව කරුණාවෙන් දැනුම් දෙමි .😱😱
කොටස් වෙළෙදපොල පිළිබද තොරතුරු ඔබගේ ජංගම දුරකතනයටම...📲📲


REG (space) cscse

ලෙස සදහන් කර 77000 ට SMS කරන්න .

Only for Airtel / Dialog / Hutch

👍👍👍




කෝටියක් වටිනා 💰 අදහස් සදහා මසකටම පුංචිම පුංචි

රු.30ක් සහ රජයේ බදු මුදල් අය වේ..🚗🤴🏻🏡

Image may contain: text
Image may contain: text
Image may contain: one or more people, people sitting, screen and indoor


ලංකාවේ ප්‍රබලතම ව්යාපරිකයාගෙන් ජීවිතය ජය ගන්න හොද පාඩමක් ...






මෙන්න මේ Link එක Click  කරලා සියල්ල ඉගෙන ගන්න.