Monday, March 5, 2018

ලිපි අංක - 08

කොටස් වෙළෙඳපොළ ගැන...

No automatic alt text available.
ලිපි අංක - 08
අද ලිපියෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ සමාගම් කොටස් වල අවධානම මනින බීටා අගය ගැනයි.
Image result for bita value

මොකක්ද මේ බීටා අගය කියන්නේ?

කොටස් වෙළෙඳපොළේ විවිධ සමාගම් වල අවධානම මැනීමට මෙම මිනුම් දණ්ඩ යොදා ගන්නවා. කොටසක අවදානම කොටස් වෙළෙඳපොළට සාපේක්ෂව කොපමණ ද යන්න මෙමගින් කිව හැකියි. කොටස් වෙළෙඳපොළේ බීටා අගය 1ලෙස සළකා සමාගම් වල බීටා අගය නිර්ණය කිරීමයි මෙහි දී සිදු වෙන්නේ....
යම් සමාගමක බීටා අගය 1ට වඩා අඩු නම් එය කොටස් වෙළෙඳපොළට සාපේක්ෂව අවධානම අඩු සමාගම් කොටසක් ලෙස හැදින්විය හැකිය. එනම් කොටස් මිළ ඉහළ පහළ යාම ඉතා මන්දගාමී ලෙස සිදුවේ...
නමුත් යම් සමාගමක බීටා අගය 1ට වඩා වැඩි අගයක් ගන්නේ නම් එය කොටස් වෙළෙඳපොළට සාපේක්ෂව අවධානම වැඩි කොටසකි. එනම් එම කොටසේ මිළ ඉහළ පහළ යෑම ඉතා කෙටි කාළයක් තුළ සිදුවේ.
ඒ නිසා බීටා අගය ඉහළ අගයක් ගන්නා සමාගම් වල අවධානම ද වැඩි අගයක් ගන්නා අතර එම සමාගම් කොටස් වලට වැඩි ප්‍රතිලාභයක්ද ලබා දිය හැක. එයට හේතුව කොටස් වෙළෙඳපොළට සාපේක්ෂව මිළ ඉතා වේගයෙන් ඉහළ පහළ යන නිසා, බීටා අගය අඩු සමාගම් වල ප්‍රතිලාභය අඩු අතර. එම කොටස් වල අවධානමද අඩු අගයක් ගනී. එයට හේතුව එම කොටස් වල මිල ඉහ පහළ යාම මන්දගාමීව සිදුවන නිසා...
යම් සමාගම් කොටසක බීටා අගය 1 ලෙස සිතමු. එවිට කොටස් වෙළෙඳපොළ 10% ක ප්‍රතිලාභයක් ලබා දෙන විට මෙම කොටසද ලබා දෙන්නේ 10% ක ප්‍රතිලාභයකි.
Image result for 10%
එලෙසම යම් සමාගම් කොටසක බීටා අගය 1.5 ලෙස සිතුවහොත් කොටස් වෙළෙඳපොළ මගින් 10%ක ප්‍රතිලාභයක් ලබා දෙන විට මෙම සමාගම් කොටස 15%ක ප්‍රතිලාභයක් ලබා දෙයි.
මෙලෙසම කොටස් වෙළෙඳපොළ 5%ක් පහත බැස්සහොත් බීටා අගය 1.5 වන සමාගම් කොටසක මිළ 7.5%කින් පහත බසින බව එමගින් කියවේ.
බීටා අගය මෙලෙස අවධානම මැනීමට යොදා ගනු ලැබුවත් දීර්ඝ කාලීනව කොටස් වෙළෙඳපොළේ මුදල් ආයෝජනය කිරීමේ දී මෙය එතරම් ප්‍රයෝජනයක් නොමැත. නමුත් කෙටි කාලීන වශයෙන් සමාගම් කොටස් මිළ දී ගෙන විකුණන විට එම කොටස් වල අවධානම මැන ගැනීමට මෙය ප්‍රයෝජනවත් මිනුම් දණ්ඩකි.....
එහෙනම් බීටා අගය කියන්නෙ මොකක්ද කියලා දැන් හැමෝටම වැටහීමක් එන්න ඇති කියලා හිතනවා. වෙනදා වගේම කියන්න තියෙන්නේ මේ දේවල් වලින් ඔයාලගෙ ආයෝජනය සාර්ථක කරගෙන ඉදිරියටම යන්න කියලා තමයි. ලිපිය හොඳ නම් අදහසක් දාන්න. අඩු පාඩු තියෙනවා නම් පෙන්නලා දෙන්න. හැමෝටම ජය!
සටහන - ධර්මප්ප්‍රිය ආනන්ද විසිනි...

ලිපි අංක - 07

කොටස් වෙළෙඳපොළ ගැන....

Image may contain: text
ලිපි අංක - 07
කලින් මම ලියපු ලිපි වලට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුනා. ඒ හැමෝටම ගොඩාක් ස්තූතියි. අද මගෙ හත්වෙනි ලිපිය. මේ ලිපියෙන් මම කියලා දෙන්නේ කොටස් වෙළෙඳපොළේ තියෙන විවිධ වර්ගයේ කොටස් ගැන. අපි කොටස් වෙළෙඳපොළේ මුදල් ආයෝජනය කරද්දි ඒවා මොන විදිහේ කොටස්ද කියලා දැනගෙන ආයෝජනය කරන එක ගොඩාක් වටිනවා.

කොටස් වර්ග...

සාමාන්‍යයෙන් අපි බහුලව කතා කෙරෙන ප්‍රධාන කොටස් වර්ග 2ක් තියෙනවා. එයින් එක් වර්ගයක් තමයි සමාන්‍ය කොටස්. අනිත් වර්ගය වරණීය කොටස්. සාමාන්‍ය කොටස් කියන්නෙ මොනවද කියලා අපි දැන් බලමු.
Image result for ordinary share word

සාමාන්‍ය කොටස්...

සමාගමක වඩාත් ජනප්‍රිය හා ආයෝජකයින් වැඩියෙන්ම මිලට ගනු ලබන කොටස් වර්ගය තමයි මේ වර්ගය. මේ කොටස් මිලදී ගන්න අය සමාගමේ සැබෑ අයිතිකරුවන් බවට පත්වෙනවා. සාමාන්‍ය කොටස් හිමියන්ට වාර්ෂික මහා සභා රැස්වීමට ද යා හැක. ඒ ඔවුන් සමාගමේ නියම අයිතිකරුවන් නිසා. සාමාන්‍ය කොටස් හිමියන්ට නිශ්චිත ලාභාංශ ප්‍රමාණයක් හිමි වෙන්නේ නෑ. සමාගම පාඩු ලබන කාල වල දී අඩු ලාභාංශ ප්‍රතිශතයකුත්, සමාගම ලාභ ලබන කාළ වල දී වැඩි ලාභාංශ ප්‍රතිශයකුත් ඔවුන්ට හිමි වෙනවා. සමාගම විශාල ලෙස පාඩු ලැබුවහොත් එම කාල වල දී සාමාන්‍ය කොටස් හිමියන්ට ලාභාංශ ලැබෙන්නේ නෑ. සමාගම යම් කිසි දෙයක් සම්බන්ධයෙන් තීරණයක් ගතහොත් එයට අදහස් ප්‍රකාශ කිරීමට සාමාන්‍ය කොටස් හිමියන්ට අයිතිය තියෙනවා.. සමාගම යම් හේතුවක් නිසා වසා දැමීමට තීරණය කළහොත් අනෙකුත් බාහිර පාර්ශ්වයන්ට ගෙවීමට ඇති සියලුම වගකීම්වලින් නිදහස් වීමත් පසුව සාමාන්‍ය කොටස්කරුවන් ගේ වගකීම පියවීම සිදුකරනු ලබයි. සාමාන්‍ය කොටස් ද තවත් වර්ග දෙකකට බෙදේ.
1. ඡන්දබලය සහිත සාමාන්‍ය කොටස්
2. ඡන්ද බලය රහිත සාමාන්‍ය කොටස්
සමාගම පවත්වනු ලබන සභා රැස්වීමේදී සිය ඡන්දය භාවිතා කිරීමට හැකි කොටස් ඡන්ද බලය සහිත කොටස් ලෙසත් එම මහා සභා රැස්වීමේදී ඡන්දය භාවිතා කළ නොහැකි නමුත් අනෙකුත් සියලුම වරප්‍රසාද හිමිවන කොටස් ඡන්දබලය නොමැති කොටස් ලෙස හැඳින්වේ.

වරණීය කොටස්...

වරණීය කොටස් හිමියන් නිශ්චිත ලාභාංශ ප්‍රතිශතයකට හිමිකම් කියන අතර, ඔවුන්ට සමාගම පාඩු ලැබුවත් එකග වූ ලාභාංශය ලැබෙනවා. එ නිසා වරණීය කොටස් හිමියන් සිදු කරන්නේ සමාගමේ කොටස් ප්‍රාග්ධනයට දායක වෙලා එකඟවූ ලාභාංශ ප්‍රමාණයක් ලබා ගැනීමයි. මෙහිදී සමාගමට කිසියම් ණය මුදලක් දීමක් ලෙස ද සැලකිය හැකි ය. ඒත් කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ බහුලවම කොටස් ගනුදෙනු සිදුවන්නේ සාමාන්‍ය කොටස් මඟිනි.
දැන් අපි සාමාන්‍ය කොටස් කියන්නේ මොනව ද, වරණීය කොටස් කියන්නෙ මොනවද කියලා දැන ගත්තා. ඊළඟට අපි බලමු කොටස් වෙළෙඳපොළේ තියෙන විවිධ වර්ගයේ කොටස් ගැන.
Image result for company share

විවිධ වර්ගයේ කොටස්....

බෝහෝ ආයෝජකයින් තමාගේ ආයෝජන කළඹ සකස් කිරීමේ දී අවධානම අඩු කර ගැනීමට විවිධ වර්ගවල කොටස් මිළ දී ගන්නවා. ඒ මොනවද කියලා අපි දැන් බලමු.
Image result for Blue-chip stocks

1. Blue-chip stocks..(විශ්වාසදායක ආයෝජන ව්‍යාපාර වස්තු)

විශ්වාසදායක කියන වචනෙන්ම තේරෙනවනෙ මේ සමාගම් එයාලගෙ ව්‍යාපාරය හොඳට විවිධාංගීකරණය කරපු සමාගම්. හැබැයි ලාභාංශ ගෙවන්නෙ අඩුවෙන්. ඒකට හේතුව තමයි මේ සමාගම් එයාලගෙ ව්‍යාපාරය පුළුල් කිරීමට උපයන මුදල් යෙදවීම. මේ සමාගම්
වල කොටස් ඉහළ මිළකින් යුක්ත වන අතර ඉතා ප්‍රසිද්ධ සමාගම් වේ.
ජෝන් කීල්ස් හෝල්ඩින් පී.එල්.සී.
හේලීස් පී.එල්.සී.
Image result for Growth stocks

2. Growth stocks(වර්ධන ව්‍යාපාර වස්තු)


ඉපයුම් වර්ධය වැඩි වෙමින් පවතින සමාගම් වර්ධන ව්‍යාපාර වස්තු ලෙස හදුන්වනු ලබයි. මේ සමාගම් ද අඩු ලාභාංශයක් ගෙවයි. එයට හේතුව ඉපයුම් වැඩි කිරීමට සහ ව්‍යාපාරය දියුණු කිරීමට වැඩි මුදලක් යෙදවිය යුතු නිසා. නමුත් පසු කාලීනව සමාගම අපේක්ෂිත අරමුණට ළඟා වූ පසු ඉතා හොඳ ලාභාංශ අපේක්ෂා කළ හැක. සමාගම් වල වාර්ෂික වාර්ථාවෙන් වර්ධන ව්‍යාපාර වස්තු දැන ගත හැක.
ටීජේ ලංකා පී.ල්.සී.
Image result for Cyclical stocks

3. Cyclical stocks(චක්‍රීය ව්‍යාපාර වස්තු)

රටේ ආර්ථික තත්වය අනුව කොටස් වල මිළ ඉහළ හෝ පහළ යන සමාගම් වේ. මේවායේ ඉපයීම ද නිතර ඉහළ පහළ යයි. අවධානම අධික කොටස් ලෙස දැක්විය හැක.
මෝටර් රථ සමාගම්...
Image result for Defensive stocks

4. Defensive stocks(ආරක්ෂිත ව්‍යාපාර වස්තු)

කොටස් මිළ විචලනය වන්නේ ඉතා අඩුවෙනි. ඉපයුම් විශාල ලෙස ඉහළ පහළ නොයයි. චක්‍රීය කොටස් වලට වඩා අවධානම අඩු කොටස් වේ. ආහාර සහ බෙහෙත් ද්‍රව්‍ය සමාගම් මෙවැනි සමාගම් වේ.
කාගිල්ස් සිලෝන් පී.එල්.සී.
Image result for Speculative stocks

5. Speculative stocks(සමප්‍රේෂන ව්‍යාපාර වස්තු)

අලාභ ලැබීමට වැඩි ඉඩකඩක් පවතින සමාගම් මේ කොටසට ඇතුළත් වේ. මෙම සමාගම් ලාභ ලැබීමට ඇත්තේ ඉතා කුඩා අවස්ථාකි. ඉතා විශාල ප්‍රතිලාභයක් ලැබීමට විශාල අවධානමක් දරන සමාගම් වේ. තෙල් නිධි කැණීම් කරන සමාගම් වැනි සමාගම් මේ යටතට ඇතුළත් වේ.
ආයෝජයකෙකුගේ ආයෝජන කළඹක මෙම කොටස් තිබිය යුත්තේ ඉතාම සුළු ප්‍රතිශතයකි.
එහෙනම් ඉතින් අද ලිපියෙනුත් ගොඩාක් දේවල් කියලා දුන්නා. ලිපිය කියවලා අදහසක් දානවා නම් ගොඩාක් වටිනවා. ඔයාලගෙ ආයෝජනය සාර්ථක වේවා කියලා සුභ පතනවා!
සටහන - ධර්මප්ප්‍රිය ආනන්ද විසිනි.....

Saturday, March 3, 2018

ලිපි අංක - 06

කොටස් වෙළෙඳපොළ ගැන....

ලිපි අංක - 06


කොටස් වෙළෙඳපොළ ආයෝජනය කිරීමේ දී අවධානම අඩු කර ගන්නේ කොහොම ද?

ඕනෑම ආයෝජනයක යම් කිසි අවධානමක් තිබෙනවා.. කතාවටත් කියනවනේ බිත්තර සියල්ල එකම භාජනයක දාන්න එපා කියලා. ආයෝජනයටත් ඒක අදාලයි. හැබැයි ඉතින් අවධානම වැඩි වන තරමට තමා ආයෝජනයකින් ප්‍රතිලාභයත් වැඩිපුර ගන්න පුලුවන්. කොටස් වෙළෙඳපොළ ආයෝජනය කිරීමේදීත් අවධානම වැඩි වන තරමට ප්‍රතිලාභය වැඩි. හැබැයි අපිට පුලුවන් අවධානම අඩු කරගෙන හොඳ ආයෝජනයක් කරන්න. ඒ කරන විදිහ තමයි මන් කියන්න හදන්නේ.
කොටස් වෙළෙඳපොළ ආයෝජනයේ දී ගොඩාක් අය අමාරුවෙ වැටෙන්නෙත් අවධානම ගැන මුළින් හිතන්නෙ නැති නිසා. හිතන්නකෝ ඇත්තටම කොටසක වටිනාකම රුපියල් 10 වෙච්ච කොටසක් ඉතා කෙටි කාළයකින් රුපියල් 20 ට විතර යනවා කියලා. එතකොට ගොඩාක් අය කරන්නේ ඒ කොටසේ මිළ තව ඉහළ යයි කියලා හිතලා රුපියල් 20 ටත් ගන්නවා. ඒත් බුද්ධිමත් ආයෝජකයෙක් හැම විටම බලන්න ඕනෙ රුපියල් 20 ක් ඒ කොටස වටිනවද කියලා. ඒක බලන්න පුලුවන් ආකාර කිහිපයක්ම තියෙනවා. එකක් තමයි ඒ සමාගමේ කොටසක ඉපයීම බලන්න ඕනෙ. ඒ කියන්නෙ අපි ගන්න කොටසකට අවුරුද්දකට සමාගම කීයක් ලාභ උපයනවද කියලා. සමහර සමාගම් වල කොටසක ඉපයීම (EPS) සෘණ. ඒවාගේ සමාගම් වලට ලාභාංශයක් ගෙවීමේ හැකියාවක් වත් නෑ. ඒවගේ සමාගම් වලින් ඉවත් වෙලා පැහැදිලි අනාගතයක් තියෙන හොඳ ඉපයීමක් තියෙන ඉතා වටිනා සමාගම් වල ආයෝජනය කිරීමෙන් අපේ අවධානම අඩු කරගෙන නිවැරදි ආයෝජනයක් සිදු කරන්න පුලුවන්. මීට අමතරව පහත කරුණු ගැනත් සැළකිලිමත් උනොත් ඔයාලගේ ආයෝජනය ගොඩාක් සාර්ථක වෙයි.
Image result for share price down

අපි යම් කොටසක් මිළ දී ගැනීමේ දී ඒ කොටස ඉතා අඩු මිළකට මිළ දී ගන්න ඕනෙ. සති 52ක අවම අගයකට ආසන්න අගයක දී මිළ දී ගැනීම හොඳයි. 
ඒ කියන්නේ කොටසක මිළ උපරිම අඩු අගයකට අළෙවි වන විට කොටස් මිළ දී ගැනීම ඉතා උචිතයි. මොකද කිසියම් අවස්ථාවක දී එම කොටස් ඉතා ඉක්මනින්ම ඉහළ නැගිය හැකියි. හැබැයි සමාගම පාඩු ලබනවා නම් අඩු මිළ ගණන් වලට මිළ දී ගැනීමද නොකළ යුතුයි. හේතුව තමයි සමාගමක් පාඩු ලබන විට කොටස් මිළ කුමන අගයක් දක්වා පහත වැටේ දැයි කිව නොහැකි වීම.
Image result for share buy

එක සමාගමක පමණක් ආයෝජනය නොකර හොඳ සමාගම් කිහිපයක ආයොජනය කිරීම හොඳයි.
එක සමාගමක කොටස් විතරයි නම් අපි ගාවා තියෙන්නෙ ඒ සමාගමට මොකක් හරි උනොත් අපේ සම්පූර්ණ මුදලම අවධානමකට පත් වෙනවා. අපි හිතමු රජයෙන් අලුත් tax එකක් ගැහැව්වා කියලා. ඒ වගේ අවස්ථා වල දී අපි සමාගම් කිහිපයක ආයෝජනය කරලා තියෙන එක ගොඩාක් ප්‍රයෝජනවත්. මොක ද එකකින් පාඩුවක් උනත් අනිත් සමාගමෙන් ඒ පාඩුව මග හැරෙනවානේ.
අනිත් දේ තමයි විවිධ වියාපාර ක්ෂේත්‍ර වලට අයත් කොටස් මිළ දී ගන්න එකෙනුත් අවධානම ටිකක් අඩු කර ගන්න පුලුවන්.
Image result for sectors

අපි හිතමු අපි හෝටල් විතරක් ගත්තා කියලා. එතකොට සංචාරක පැමිණීම අඩු උනොත් සමාගම් වල ලාභය අඩු වෙලා අපි ගත්ත කොටස් වල මිල අඩු වෙන්න පුලුවන්... ඒ නිසා බැංකු, ඉදිකිරීම, වැවිලි, ආහාර වගේ අංශ කිහිපයකට අදාල කොටස් මිළ දී ගැනීමෙනුත් අවධානම අඩු කර ගන්න පුලුවන්.
හොඳ ලාභාංශ ගෙවන සමාගම් මිළ දී ගැනීමෙනුත් අවධානම අඩු කර ගන්න පුලුවන්..
හිතන්න 8% ක් විතර ලාභාංශ ගෙවන සමාගමක කොටස් ගත්තොත් කොටස් මිළ ඉහළ ගියේ නැතත් ඒ ලාභාංශ විදිහට ලැබෙන 8% උනත් ප්‍රමාණවත්නෙ. පසු කාලීනව එම කොටසට ඉල්ලුම වැඩි වෙද්දි ගත්ත මිළට වඩා වැඩි මිළකට විකුණලා ප්‍රාග්ධන ලාභයක් ගන්නත් පුලුවන්.
තවත් අවධානම අඩු කර ගන්න විදිහක් තමයි එකවර විශාල කොටස් ප්‍රමාණයක් මිළ දී නොගෙන කොටස් වල මිළ හැසිරීම අධ්‍යයනය කර කොටස් ටිකෙන් ටික එකතු කිරීම.

Image result for share dividend

අපි යම් කිසි සමාගමක කොටස් 1000ක් මිළ දී ගන්න ඉන්නවා නම් එක් වරම කොටස් 1000 මිළ දී ගන්නේ නැතුව කොටස් මිළ ටිකෙන් ටික පහළට එන විට කොටස් ටිකෙන් ටික මිළ දී ගන්න.
කොටස් වෙළෙඳපොළ ආයෝජනයේ දී ඉතා වටිනා තවත් දෙයක් තමයි කිසිම අවස්ථාවක පාඩුවට කොටස් අළෙවි කරන්න එපා. එහෙම උනොත් නම් ඒ පාඩුව නැති කර ගන්න අමාරුයි. කොටසක මිළ පහළට අවොත් ටිකක් තියාගෙන ඉන්න. කොයි මොහොතක හරි නැවත මිළ ඉහළට ගිය පසු විකුණන්න.
එහෙනම් මන් කොටස් වෙළෙඳපොළ තුළ ආයෝජනය කරන විට අවධානම අඩු කර ගන්න විදිහ කිහිප ආකාරයකටම කියලා දුන්නා. මේ කරුණුත් හිතට අරගෙන ඔයාලගේ ආයෝජනය සාර්ථකව කරන්න.
Image result for share risk

ඉස්සරහට තව දන්න දේවල් කියලා දෙන්නම්.
අඩු පාඩු තිබුණොත් පෙන්නලා දෙන්න...
එහෙනම් ඔයාලට ජය.......
සටහන - ධර්මප්ප්‍රිය ආනන්ද විසිනි.......


Friday, March 2, 2018

ධනවතුන් 03

අජිත් රත්නසේකර මහතා

Image result for kandy up town

සම කළමනාකාර අධ්‍යක්ෂ Kandy / Uptown
 
නුවර ගිහින් KANDY හෙව්වට වැඩක් නැහැ...!

කිරිබත්ගොඩට සාප්පුවට ආවට අලුතින් ඇඳුම් ගන්නවත් සල්ලි නැහැ. සාප්පුව ලොකුයි.
හිස් තැන් වැඩියි. ණයට පොලියට ගන්න සිද්ධ වුණා. ‘‍රෝල ගහන්න’ සිද්ධ වුණා.
දහ දෙනෙක් විතර වැඩ කළාට මල්ලියි මායි දෙන්නත් බඩු විකිණුවා. රෑට රෙදි නැව්වා. සීසන් කාලෙට, අලුත් තොග එනකොට පාන්දර දෙක තුන වෙනකල් ඇඳුම් නැව්වා. කබඩ්වල ඇහිරුවා.
සහෝදර බැඳීම් සමඟ ඉදිරියට යන දේශීය ව්‍යාපාරිකයෝ අපේ රටේ හීන වෙමින් පවතින යුගයෙක, අජිත් රත්නසේකර සහ සුජීව රත්නසේකර සහෝදරයෝ ඒ මතය වෙනස් කරමින් සිටිත්.
සහෝදරත්වයට ගරුත්වයෙන් විනිවිද භාවය සහ අවංකත්වය සමඟ ඉදිරියට යන Kandy පිටුපස ඇති ඒ කතාව, ධෛර්යය, කැපවීම සහ ඉන් ඔබ්බට ගිය අයිය ම‍ලෝ දෙදෙනෙකුගේ බැඳීමට පූර්වාදර්ශ සපයයි.
මේ ඔවුන්ගේ කතාවයි.
Image result for kandy up town

Kandy... හදපු ඔබ කවුද...?

මේක මං තනියම හදපු බිස්නස් එකක් නෙවෙයි. මල්ලිත් මමත් එකතු වෙලා හදපු ව්‍යාපාරයක්. ඒ නිසා මේ ව්‍යාපාරයේ අපි දෙන්නම සම කළමනාකාර අධ්‍යක්ෂවරු. ඒ තැනට එන්න දෙන්නම එක වගේ මහන්සි වුණා. කැප වුණා. ඒ හින්දා ව්‍යාපාරයක බිම් මට්ටමේ ඉඳලා උඩට එනකල් හැම දේම හොඳින් දන්න සහ ඒවා විඳපු කෙනෙක් මම.
Image result for kandy kiribathgoda

මොකක්ද Kandy... අර්ථය...

බිස්නස් එක පටන් ගනිද්දී නමක් ඕනෙ වුණා. කිරිබත්ගොඩ නුවර පාරේ පොඩි තැනක්. අපේ නංගිගෙ මහත්තයා තමයි කිව්වෙ, නුවර පාරෙන් පටන් ගත්ත බිස්නස් එක නිසා අපි ‘කැන්ඩි’ කියලා නම දාමු කියලා. ඇත්තටම ඒ නම අපිට හරි ගියා.
Image result for kandy up town

එතකොට Uptown කියන්නේ...

Uptown කියන්නෙ ලිබර්ටි ප්ලාසා‍ එකේ අපේ ප්‍රදර්ශනාගාරය. කොළඹ නගරයේ හදවත වගේ. ලිබර්ටි ප්ලාසා එකේ, වර්ග අඩි 80000 ක් කියන්නෙ ලොකු ඉඩකඩක්. අපි මෙතැන ඉලක්ක කළේ ඉහළ මධ්‍යම පන්තිය සහ ඉහළ පැලැන්තිය. Uptown නම දැම්මෙ ඒ නිසා. ඒ හැරෙන්න නුවරත් එක්ක කිසිම සම්බන්ධයක් අපේ ව්‍යාපාරයේ නැහැ. අඩුම තරමෙ නුවර අපේ නෑයෙක් වත් නැහැ. නමුත් කැන්ඩි නම නිසා හුඟ දෙනෙක් නුවර ගිහින් Kandy හොයනවා. Uptown හොයනවා.

බිස්නස් ඔබට පාරම්පරික උරුමයක් ද?

නැහැ. පුංචි කාලෙ පටන් මගේ ඇ‍ඟේ තිබුණු ‘උණක්’. ඒ උණට මං බොහෝ දේ කළා. මල්ලිත් ඒවට හවුල්. වැරදුණු තැන් තිබුණා. ඒ වගේ ම ඒ දේවල්වලින් ඉගෙනත් ගත්තා.
ෆැෂන් කියන්නෙ වේගයෙන් වෙනස් වන කලාවක්.

Image result for kandy up town

කොහොමද මේ අභියෝගයට මුහුණ දෙන්නේ...

ඒ පිළිබඳ ‘අප්ඩේට්’ වෙන්න දැන් මොන තරම් අවස්ථා තියෙනවාද... අපි ලෝකෙ ෆැෂන් වෙනස් වන ආකාරය පිළිබඳ නිතර අවධානයෙන්. සෑම වසරකම වගේ ජාත්‍යන්තර ඇඳුම් හා වෙළෙඳ‍ ප්‍රදර්ශනවලට සහභාගි වනවා. පිටරට ගියාම පුළුවන් තරම් ගත කරන්නේ ෂොපින් මෝල්වල. මල්ලිටත් මටත් ෆැෂන් ගැන උණක් තියෙන නිසා අපිත් හොඳට අඳිනවා. පලඳිනවා. ඒ වගේ ම, අපේ ඇඳුමක් කවුරු හරි ඇඳලා ඉන්න එකත් සතුටක්. අපිට උත්තේජනයක්.


Kandy හරහා මේ රටේ මොන තරම් පිරිසක් රැකියාව කරනවද...

ඍජුව හා වක්‍රව පහළොස් දාහක් පමණ. අපි මේ වෙනකොට පිටරටින් ඇඳුම් ගේන එක අඩු කරලා, අපේ ම රටේ අයට විශාල අවස්ථා ප්‍රමාණයක් උදාකර දී තිබෙනවා. සමහර අයට අපි රෙදි සපයලා මස්සවනවා. සමහර අයගෙ සාම්පල් ‍බලලා හොඳ නම් ඇඳුම් ගන්නවා. එහෙම දේශීය සැපයුම් කරුවෝ විශාල ප්‍රමාණයක් සහ ඔවුන් ළඟ වැඩ කරන විශාල ප්‍රමාණයක් අපි නිසා යැපෙනවා. ඒ වගේ ම, ඇඳුම් මෝස්තර නිර්මාණය කරන දක්ෂ අයටත් සැපැයුම්කරුවො හැටියට අපි අවස්ථාව දෙනවා. ඔවුන්ට පුළුවන් තරගකාරී මිල ගණන් යටතේ හොඳ කොලිටියකින් යුතු ඇඳුම් මෝස්තර අපිට සපයන්න.
Image result for kandy up town

සමහර සාප්පුවල sales girl තනතුරේ තරුණියන් ඉන්නෙ Customer ගැන තරහින් වගේ.‍ ඔබේ සේවකයන් කොහොමද...?

අවුරුදු පහක විතර සර්විස් එකක් ඇති අපේ sales කරන කෙනකුට මහන්සියෙන් වැඩ කළොත් රුපියල් 50,000 කට එහා හම්බ කරගන්න පුළුවන්. හොඳට ගෙවනවා වගේ ම ඔවුන්ගේ ආකල්ප වෙනස් කරගන්නත් අපි උදව් කරනවා. ඒ කොයි තරම් කළත් වෙනස් නොවන අයත් ඉන්නවා. අපේ කොටස හරියට ඉටු වනවා වගේ ම ඔවුන්ගේ කොටසත් හරියට ඉටු කළ යුතුයි. නැත්නම් කොහොමද ආයතනයක් ඉදිරියට යන්නේ. අනිත් අතට, ඔවුන් එසේ නොකරනවා නම්, වෘත්තිමය වශයෙන් ඉදිරියට නොයන්නෙත් ජීවිතයේ එක තැන රැඳෙන්නෙත් ඔවුන්මයි. මේවා හරියට ඉදිරියට නොගියොත් අපිට සිද්ධ වෙන්නෙ සියල්ල විකුණලා පිටරටක පදිංචියට යන්න. අපි වගේ දේශීය ව්‍යාපාරිකයා රැකගන්න එක ඔවුන්ගෙත් යුතුකම. මොකද අපිත් මේ රටට යමක් කරන නිසා.

මොකක්ද ඔබට අනන්‍ය වූ ව්‍යාපාරික ක්‍රමවේදය...

ඒකත් මල්ලිටයි මටයි දෙන්නටම පොදු කාරණාවක්. අපි බිස්නස් දැනගෙන බිස්නස්වලට බැහැපු අය නෙවෙයි. ඉගෙන ගනිමින් තමයි අත්දැකීම් ලැබුවේ. ඒ නිසා හැම වෙලාවෙම අපිටම අනන්‍යවූ ක්‍රමවේද හදාගත්තා. ලෝකෙ බහුතරයක් හොඳයි කියන සහ පෙනෙන දේ අපි පාරිභෝගිකයාට පෙන්නුවෙ ඉදිරිපත් කළේ තවත් ටිකක් වෙනස් කරලා. ඒ සඳහා අපි අලුත් අදහස් පාවිච්චි කළා. ඒකෙන් කැපී පෙනෙන හා පාරිභෝගිකයාගෙ සිත් ඇද බැඳ ගන්නා බිස්නස් එකක් කරන්න පුළුවන් වුණා. අපි දවසින් දවස ඉදිරියට ආවේ ඒ ක්‍රමයෙන්. ඒ වෙනස් විදියට සිතීමේ පුරුද්ද, අපේ ජීවිතව කා වැදී තිබුණු දෙයක්.
Image result for life winner

එහෙනම් ඒ නිසා ම ලබපු ජීවිත ජයග්‍රහණත් ඇති...

ජයග්‍රහණවලටත් වඩා ඒකෙන් හරි තෘප්තියක් ජීවිතයට එකතු වුණා. උදාහරණයක් කියන්නම්. ඉස්සර මායි මල්ලියි කරාටේ සෙල්ලම් කරනවා. අපි කරන්නෙ පිටරට කරාටේ CD ගෙනැත් ඒවා බලමින් ‘ෂොට්ස්’ අධ්‍යයනය කරනවා. මාස්ටර් කියලා දුන්නු දේට වඩා වැඩිපුර දේවල් කරලා බලනවා. අපෙයි ඒ රටවලයි කරාටේ ෂොට්ස්වල වෙනස්කම් සමානකම් බලනවා. මෙහෙම කළොත් මොකද... අරහෙම කළොත් මොකද... හිතිච්ච දේ කරලා බලනවා. ඇත්තටම අපි කරාටේ වලිනුත් හිතුවට වඩා උඩට ආවේ අපේම මේ අත්හදා බැලීමේ පුරුද්දෙන්.
Related image

වෙනස්වීමත් සමඟ ඉදිරියට යෑම ව්‍යාපාරයකට මොනතරම් වැදගත් ද..?

අපිත් එහෙම කළා. සල්ලි මදි පාඩු තිබුණට ව්‍යාපාරයේදී අපි දෙන්නටම ‘ක්‍රියේටිව්’ අදහස් තිබුණා. අපි හෙව්වා මාකට් එකේ වැඩිපුරම විකිණෙන ඇඳුම් මොනවද කියලා. ඒ ගැහැනු ළමයින්ගෙ ඇඳුම්. අපි පිටකොටුවෙ ගිහින් පිටරටින් ඇඳුම් ගේන තැන් හොයා ගත්තා. දෙන්න පුළුවන් උපරිම අඩුවට ඒ ඇඳුම් විකිණුවා.

මොකක්ද ඔ‍ෙබ් පළමු බිස්නස් එක...

පළවෙනි පාර මං ‍‍උසස් පෙළ හොඳින් සමත් වුණේ නැහැ. තාත්තා කිව්වා ආපහු විභාගෙ කරන්න කියලා. ඒ ඉන්න ගමන් තාත්තාගෙන් ම රුපියල් පනස් දාහක් ඉල්ලාගෙන පරණ ඩෙලිකා වෑන් එකක් ගත්තා. හදලා විකිණුවා. ඔහොම කිහිපයක් කළා. මට තේරුණා ලාභයක් තියෙන බව. ඒ වුණාට විභාගෙ ළං වෙද්දී. ඒ බිස්නස් එක නැවතුණා.
Image result for first business

දෙවැනි පාර හොඳින් සමත් වුණා ද?

කිසිම ‍ඕනෙකමකින් නෙවෙයි මම දෙවැනි පාර උසස් පෙළ ලියුවෙ. ඇත්තටම තාත්තගෙ වුවමනාවට. ඒ පාරත් තාත්තා හිතපු තරම් ප්‍රතිඵල නැහැ. මට ඕනෙ බිස්නස් එකක් කරන්න. ඒත් කෝ, ප්‍රාග්ධනය... මං දන්නවා තාත්තා ළඟත් ලොකු සල්ලියක් නැති බව. මගෙ අතේ තිබුණෙත් බොහොම පොඩි ගාණක්. මං මාසෙ පඩියට ෂිපින් කොම්පැණියක රස්සාවක් හොයා ගත්තා.”

එතකොට Kandy... ආරම්භය කොතැනද...

අවුරුදු තුනක් විතර මං රස්සාව කරගෙන හිටියා. මල්ලි A level ලියලා ඉවර වෙනකොටම ඕනෙ වුණා බිස්නස් එකක් කරන්න. කිරිබත්ගොඩ සුපර්මාර්කට් එකේ දහයයි දොළහෙ ප්‍රමාණයේ පොඩි කඩකාමරයක් තිබුණා. ඒක ගන්න සල්ලි මදි. ඒ වෙනකොට මගේ නංගි විවාහ වෙලා. එයාගෙ මහත්තයත් බිස්නස් කළේ. ඒ අයියා අපිට උදව් කළා. තාත්තත් සල්ලි ටිකක් දුන්නා. මදි පාඩුව මං දැම්මා. මල්ලි ප්‍රමුඛ වෙලා සාප්පුව පටන් ගත්තා. ඒ තමයි අපේ ආරම්භය.
Image result for risk

ව්‍යාපාරවල ඉදිරියට යන්නෙ අවදානම් ගන්න මිනිස්සු. මේ කතාව ඔබටත් අදාළ ද...

ඔව්. සුපර්මාකට් එකේ පොඩි කඩේ දියුණු වෙනකොට කිරිබත්ගොඩ හන්දියේ තැනකට ආවා. මල්ලි කිව්වා. “මට දැන් තනියම මේක කරන්න අමාරුයි. ඔයත් එන්න කියලා...” ඒ තරමට පාරිභෝගික පිරිසක් අපිට හිටියා. ඒ වෙනකොට මං හිටියෙ ඉහළ තනතුරක. පඩිත් හොඳයි. ඒ වුණාට මං අවදානමක් ගත්තා. රස්සාවෙන් අයින් වුණා. තව කෙනෙක් යටතේ වැඩ කරන්න අකැමැති මං බොහොම කැමැත්තෙන් පූර්ණකාලීනව බිස්නස් එකට ආවා. එදා පටන් ගත්තු ගමන තමයි මේ.

කවුද ඔබේ ව්‍යාපාර ජීවිතයේ Role Model...

ඇත්තම කිව්වොත් නංගිගෙ මහත්තයා‍. ඒ කියන්නෙ අපේ රන්ජන් අයියා. එයා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්. අපි බිස්නස්වලට ආවේ අත්දැකීම් නැතිව. ගුරු වෘත්තිය හැර අපේ තාත්තත් බිස්නස් දැනගෙන හිටියෙ නැහැ. ට්‍රෙන්ඩ් එක... මිනිස්සුන්ගෙ අවශ්‍යතා, අලුත් දේවල් සොයා යෑමේ ආසාව වගේ අත්‍යවශ්‍ය දේ ඇ‍ඟේ තිබුණට ව්‍යාපාරයක් ‍ප්‍රායෝගික වීමේදී පැන නැඟිය හැකි ගැටලු, අනාගත ඉලක්ක සහ අරමුණු හඹා යෑම, ඒවා ජය ගැනීම පිළිබඳ බොහෝ දැනුම ලබා ගත්තෙ ඔහුගෙන්. ඇත්තටම ඔහු තමයි මේ ගමනෙදි. අපිට ගුරු හරුකම් දුන්නෙ. ඔහු දිහා බලලා අපි හුඟක් දේ ඉගෙන ගත්තා.

Image result for risk

Kandy වෙනුවෙන් වැය වූ දුෂ්කරම කාලය මොකක්ද...

කිරිබත්ගොඩට ආවේ ඒ සාප්පුවට අතේ තිබුණු සේසතම වියදම් කරලා. අලුතින් ඇඳුම් ගන්නවත් සල්ලි නැහැ. සාප්පුව ලොකුයි. හිස් තැන් වැඩියි. ණයට පොලියට ගන්න සිද්ධ වුණා. ‘‍රෝල ගහන්න’ සිද්ධ වුණා. මොන දේ වුණත් අපි තරුණ පරම්පරාවට ඇඳුම් ව්‍යාපාරය ඉලක්ක කරන එක, නැවැත්තුවේ නැහැ. දහ දෙනෙක් විතර වැඩ කළාට මල්ලියි මායි දෙන්නත් බඩු විකිණුවා. රෑට රෙදි නැව්වා. සීසන් කාලෙට, අලුත් තොග එනකොට පාන්දර දෙක තුන වෙනකල් ඇඳුම් නැව්වා. කබඩ්වල ඇහිරුවා.

ඇයි ඇඳුම් කබඩ්වල අසුරන්නේ...

ඒ කාලෙ හැන්ගර්ස්වල එල්ලන ක්‍රමයක් තිබුණෙ නැති නිසා. අවුරුදු දෙකක් විතර ගියාට පස්සෙ තමයි අපි ඇඳුම් එල්ලන ක්‍රමය හඳුන්වලා දුන්නේ.


ව්‍යාපාරය තමන්ගෙම නිසා වෙහෙස පිළිබඳ දැනෙන්නෙ නැතිව ඇති...

පහුවැනිදා උදේට උණ වගේ. වැඩ ඉවර වෙද්දී මහ පාන්දර වෙලා. ඒ පාන්දරම වැඩ කරන අයවත් ගෙවල්වලට බස්සවන්නෙ අපි දෙන්නා. ගෙදර ගියාම අම්මලාව නැගිට්ටවන්න දුකයි. අපි දෙන්නා වෑන් එකේම බුදියනවා. පහුවැනිදා උදේම ආපහු සාප්පුවට යනවා. මං කැෂියර් එකට යනවා. මල්ලි ඇඳුම් ගේන්න කොළඹ යනවා. සෑහෙන කාලයක් ඔය චක්‍රය ඔය විදියටම කැරකුණා. එක අතකට එහෙම නොකළා නම් අපි මේ තරම් දුරක් එන එකකුත් නැහැ.


පුංචි කාලෙ ඔබ කොහොම චරිතයක් ද?

අපි දෙන්නම කොල්ලො කරන හැම දේම කරපු අයියෙකුයි මල්ලියෙකුයි. ගුටි කාලත් තියෙනවා. ගහලත් තියෙනවා. සෙල්ලම තමයි ලොකුම දේ. තාත්තා කැලණිය ගුරුකුලයෙ ගණිත ගුරුවරයෙක්. සැරයි, හැබැයි නිදහස දුන්නා. දීලා අපි කරන කියන දේ දිහා ඇහැ ගහගෙන හිටියා. මං ගියේ කොළඹ නාලන්දෙට. මල්ලි ගියේ කැලණිය ධර්මාලෝකෙට. අපි දෙන්නා තමයි හොඳම යාළුවෝ. කොහේ ගියත් දෙන්නා එකට. නාලන්දෙ ඉගෙන ගත්තු ඉහළ සමාජෙ යාළුවො වගේම කැලණියෙ, වනාතෙ, පුංචි බොරැල්ලෙ යාළුවොත් අපිට හිටියා. මේ හැම සමාජ තල‍යකින් ම අපි යමක් ගත්තා මිස නරක් වුණේ නැහැ.

ඉල්ලන හැමදේම දෙමවුපියන්ගෙන් ලැබුණද?

එහෙම දෙන්න තරම් මහා සල්ලි කාරයො නෙවෙයි, අපේ දෙමවුපියෝ. තාත්තා විතරයි රස්සාව කළේ. තාත්තා සතියට දවස් කිහිපයක් ගණන් ටියුෂනුත් කළා. සීමිත ආර්ථිකයක දරු තුන් දෙනකුටත් උගන්වමින් ජීවත් වුණේ පරිස්සමට කියලා අපි තේරුම් ගත්තා. ඒ නිසාම අඩු පාඩුවක් නැතිව අම්මා තාත්තා දුන් ජීවිතය තුළ, අපිත් සෑහීමකට පත්වුණා.

ඔය සහෝදර බැඳීම, පුංචි කාලෙත් එලෙසම තිබුණාද...

නංගි මැද. මල්ලි මට වඩා අවුරුදු හතරක් බාලයි. ඒ වුණාට අපි දෙන්නා තමයි හොඳම යාළුවො. පුංචි කාලෙ මල්ලියි මායි මාළු පැටව් හැදුවා. ඒකට ලොකු පොකුණකුත් හැදුවා‍.‍ පායන කාලෙට වතුර නැහැ. මීටර් පන්සියයක් විතර ඈතින් තමයි වතුර ගේන්න වුණේ. අපි දෙන්නා හතිදාගෙන බාල්දි වලින් ඒ මුළු දුරම වතුර ඇද්දා. ඔයා අඩුවෙන් ඇද්දා... මං වැඩියෙන් ඇද්දා... අපි කවදාවත් එහෙම හිතුවෙ නැහැ. හැම දේම බෙදා හදාගත්තෙ මහන්සි වුණේ එක සමානව.
හිතුණම, ගෙදර කොරටුවෙන් එළවළු කඩාගෙන පොළේ තියලා විකිණුවා. ඒවා කළේ සල්ලි හොයන්නම නෙවෙයි. අපි දෙන්නම මේ දේවල් කරලා හරි සතුටක් ලැබුවා.

අම්මා තාත්තගෙන් ජීවිතයට ලැබුණු හොඳම දේ කියන්න...

අවංකව ජීවත්වෙන හැටි. අපේ බිස්නස්වල අමාරුම කාලවලදී විශ්වාසයට අපිට හුඟක් ගනු දෙනුකරුවො බඩු දුන්නා. සල්ලිත් ණයට පොලියට ගත්තා. මොන තරම් අමාරු වුණත් අපි ඒ ණය බඩුවක් උකස් කරලා හරි වෙලාවට පියෙව්වා. පොලී ගෙව්වා. එක රුපියලක් මඟ හැරියෙ නැහැ. ඒ විශ්වාසය රැකපු නිසා ආයේ ඒ මුදලාලිලා බඩු දුන්නා. මොන තරම් අමාරු කාලවලට මුහුණ දුන්නත් අවංකකම හෝ විශ්වාසය බිඳගත්තෙ නැහැ. ඒ කාරණා ගැන හිතද්දී තාත්තා තමයි ඒ උතුම් ගති ගුණ අරභයා, අපි ඉදිරියේ නැඟී ඉන්න මහා ප්‍රතිරූපය. ඉතින් කෝටියක් ලැබුණත් මේ දේවල්වත් සහෝදරකමවත් අපි නැති කරගන්නෑ.

ලංකාවේ බොහෝ ‘ෆැමිලි බිස්නස්’ කැඩී විසිරෙන්නෙ බිරින්දෑවරු නිසා... මේ කතාව ගැන ඔබ මොකද කියන්නේ...

අම්මයි, මල්ලියි මමයි අදත් ජීවත්වෙන්නෙ එකම ගෙදරක. අපේ අම්මා තාත්තා, බිරින්දෑවරු දරුවො හැමෝම එකම වහලක් යට ජීවත් වීම තුළ බැඳීම වැඩි වුණා කියලයි මම නම් හිතන්නේ. අපේ අම්මයි තාත්තයි තමයි, ඒ තරම් ශක්තිමත් බැඳීමකට අඩිතාලම දැම්මේ. මල්ලිගෙත් මගේත් එකමුතුව තුළ මේ බිස්නස් එක ආරක්ෂිතව ඉදිරියට යනවා කියල, අපේ වයිෆ්ලා තේරුම් අරන් ඉන්නේ. ඒ දෙන්නගෙන් ම උදව්වක් මිස කරදර නැහැ. බිස්නස් එක පිළිබඳ සියලු තීන්දු තීරණ මගේත් මල්ලිගේත් පමණයි.

Kandy සහ Uptown, පවුලේ ව්‍යාපාරයක් ලෙස ඉදිරියට යයිද...

අපි අමාරුවෙන් හදපු දේ දරුවො ඉදිරියට අරන් යනවා දකින එකයි, අපි දෙන්නගෙම අරමුණ. ඒ නිසා ඉගෙන ගන්න. ලෝකෙ කොහේ ගියත් අපේ ළමයි, ආපහු මේ බිස්නස් එකට එන්න ඕනේ. ඒක තමයි මල්ලිගෙත් මගේත් නියමය. අපේ දරුවොත් ඒක දන්නවා. ඔවුන් ඒ වෙනුවෙන් වැඩ කරාවි.

(උපුටාගැනීමකි)

Thursday, March 1, 2018

ධනවතුන් 02

නයිෂාඩ් උදේශි මහතා


Image result for නයිෂාඩ් උදේශි

Managing Director  - චයිනීස් ඩ්‍රැගන්
ඇති හැකි පවුලක ඉපදුණ ද මුදල්වල වටිනාකම ඔවුහු හොඳින් දනිති. ඒ, ළමා වියේ පටන් ය. අම්මාගේ කෑමවල රසයත්, තාත්තාගේ ව්‍යාපාර ඥානයත් ඇසුරේ ඔවුහු වෙනස් මඟක් සොයා ගත්හ. තමන්ගේ ම ක්‍රමයකට ව්‍යාපාරයක් හදාගත්හ. එහි වටිනාකම වැඩිවන්නට අතීතයක අභිමානය ද එක් කරගත්තේය. අද ඔවුන්ගේ අනන්‍යතාව එයයි. චයිනිස් ඩ්‍රැගන් ඉදිරියට ගෙන යන බර කරට ගත් ඔවුහු එය පවුලේ ව්‍යාපාරයකින් ඔබ්බට සමාජගත කරන්නට වෙර වෑයම් දරති. වැටෙමින් නැගිටිමින් වැටි වැටී නැඟිටිමින් යළි ව්‍යාපාර ලෝකයේ ‘බ්‍රෑන්ඩ්’ එකක් වන්නට වෙර දරන අයිය-මලෝ දෙදෙනකුගේ කතාවයි මේ.
* අපේ රටේ දක්ෂයෝ ඉඳිද්දී චීනෙට සල්ලි දෙන්නෙ මොකට ද?
* හැමෝම සමානයි. වෙනස් වෙන්නෙ රාජකාරියෙන් විතරයි
Image result for chinese dragon cafe

මේ තරම් චීන අවන්හල් තිබෙන රටක ‘චයිනීස් ඩ්‍රැගන්’ විතරක් විශේෂ වෙන්නෙ කොහොමද...

ලංකාවෙ පරණ ම චීන අවන්හල නිසා. 1942 පටන් අද දක්වා අඛණ්ඩව පවත්වාගෙන ආ නිසා. අපේ රටට නිදහස ලැබෙන්නටත් පෙර යුගයේ පටන් ගත් අවන්හලක්. යුග කීයක මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න ඇතිද... බ්‍රිටිෂ් අය අපේ අය.... මොන තරම් පිරිසක් එන්න - යන්න ඇතිද... මේ, ඉතිහාසයත් එක්ක ගොඩනැඟුණු පදනම ම තමයි, අපේ විශේෂත්වය. ‍

මේ තරම් අතීතයක් තියෙනවා කියන්න ඔබට තිබෙන සාක්ෂි මොනවද...

චීනෙන් ලංකාවට ආ යුවළක්, බම්බලපිටිය ඩික්මන් පාරට මුහුණලා චයිනීස් ඩ්‍රැගන් අරඹනවා. 1942 පටන් 2009 දක්වා එහි අයිතිය තිබෙන්නෙ ඒ චීන යුවළගේ දරුවන්ට. ජින් යැන්ග් මීරියම් සොලමන්ස් කියන්නෙ ඒ පවුල් දියණියක්. ඇය විවාහ වන්නේ, රොජර් සොලමන්ස් කියන බර්ගර් ජාතික‍යත් එක්ක. මේ දෙන්නගේ පුතා, ජොනතන් සොලමන්ස්. අපිත් ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් චයිනිස් ඩ්‍රැගන් යන්නෙ ජොනතන් නිසා. ජොනතන් අපේ පාසලේ මිත්‍රයා. 2009, අපි මේ ව්‍යාපාරයට ආයෝජකයො විදිහට සම්බන්ධ වෙනවා, 2012 දි මීරියම් සොලමන්ස් එයාගේ කොටස් ටිකත් අපිටම විකුණනවා.
Image result for chinese dragon cafe

ඒ කියන්නෙ මේ, ෆැමිලි බිස්නස් එකක්...

පටන් ගැන්ම එහෙමයි. ඒ වුණාට අද තත්වය වෙනස්. අද අපි මේ ආයතනය පවත්වාගෙන යන්නෙ වෘත්තීය භාවයකින්. පවුලක් පොඩියට කරගෙන ගියවිදියට වඩා, අපි කළමනාකරණ ව්‍යුහයක් හැදුවා. ශාඛා ව්‍යාප්ත කළා. මෙහෙයුමක් විදියට ඉදිරියට ආවා. ඒ ඔපරේෂන් එකේ ඉදිරියෙන් ම ඉන්නෙ මම සහ ම‍ගේ අයියා, සෞරබ් උදේශි.

ඔබ මුලින් ම මේ අවන්හලට එන්නෙ කෑම කන්න. ඒත් දවසක් එනවා, අවන්හල ඔබේ ම වන...

මාත් අයියත් ජොනතනුත් ඉගෙන ගත්තෙ CIS ජාත්‍යන්තර පාසලේ. අපි එකට බාස්කට් බෝල්ගැහුවා. හැම බාස්කට් බෝල් ටූනමන්ට් එකක් ඉවර වුණාම, ජොනතන් අපිව එයාලගේ චයිනිස් ඩ්‍රැගන් එකට එක්ක යනවා. ඒ කෑමවලට අපේ ටීම් එකම ආසයි. හැබැයි රෙස්ටූරන්ට් එක කරගෙන ගියේ අමාරුවෙන් බව අපි දැනගත්තා. ‘මේක වැහෙන්න දෙන්න බැහැ. අපි ඉන්වෙස්ට් කරලා මේක ආපහු හදමු...’ අපි කිව්වා. තාත්තත් අපිට උදව් කළා. එහෙම තමයි චයිනිස් ඩ්‍රැගන් එකට අපි ඉන්වෙස්ට් කළේ. සම්බන්ධ වුණේ. ඒත් හාට් ඇටෑක් එකකින් ජොනතන් හදිසියේ මිය ගියා. ඊට පස්සෙ බිස්නස් වැටුණා. ජොනතන්ගෙ අම්මා මීරියම්, කොටස් සියල්ල අපිට ම විකිණුවා.

Image result for business mind

ව්‍යාපාර ඥානය ඔබට පවුලේ උරුමයක් ද...

අපේ තාත්තා කෞෂික් උදේශි. සීඩ්ල්ඩ් ප්‍රයිවෙට් ලිමිටඩ් ඇතුළු කොම්පැනි පහක විතර ඩිරෙක්ටර් කෙනෙක්. එයාටත් කොටස් අයිතිය තිබුණා. පුංචි කාලෙ ඉඳන් අපි දැක්කෙ තාත්තා බිස්නස් වෙනුවෙන් මහන්සි වෙන හැටි. ගෙදර හැම වෙලාවෙම කතා කළේ බිස්නස් ගැන. අපේ ම බිස්නස් එකකට ආසා වෙන්න ඒකත් එක හේතුවක්.

ආසාව තිබුණට මදි. පුළුවන් වෙන්නත් ඕනෙනේ...

දවසක් ඉස්කෝලෙ චැරිටි වැඩකට ළමයි කෑම විකිණුවා. අම්මා අපිට පීට්සා දහයක් හදලා දුන්නා. අපේ අම්මගේ කෑම හරි රසයි. ඕන දෙයක් හදන්නත් දන්නවා. ඉතින් අම්මගේ පිට්සා, එක හුස්මට විකිණෙනවා. අපි කෑල්ලක් පණහට විකුණන්න අරන් ඉල්ලුම හොඳයි කියලා තේරෙන‍කොට කෑල්ල සීයක් කළා. පීට්සා විකිණුවේ මායි අයියයි ජොනතනුයි. අපි එදා දැනගත්තා හිතුවොත් අපිටත් බිස්නස් කරන්න පුළුවන් කියලා.
Image result for i can

ඉතින්, කොතැනින් ද ඔබ වැඩ පටන් ගත්තේ...

රස කෑම ගැන මුලින් ම උනන්දුවක් ඇතිවුණේ, ඒ ගැන හිතුවේ අම්මා නිසා. අපි දෙන්නා වගේම අපේ යාළුවෝ කවුරුත් අම්මගේ කෑමවලට ආසා කළා. ඊළඟට චයිනිස් ඩ්‍රැගන් එකට සම්බන්ධ වීම. හොඳ බ්‍රෑන්ඩ් එකක් හදන්න ඕනේ! අංක එකට යන්නත් ඕනෙ! කෝපරේට් ලෙවල් එකට වැඩ කරන්නත් ඕනේ! මේවා තමයි අපි දෙන්නට ම තිබුණු ඉලක්ක. අරමුණු. අපි ලෝකෙත් එක්ක සංසන්දනය කළා. කොහොමද අපිට ඒ තැනට යන්න පුළුවන්... අපි ඒ ගැන හෙව්වා. ඒ වෙනකොට මිලාගිරියේ, රාජගිරියේ සහ ගල්කිස්සෙ පමණක් තිබූ ශාඛාවල වෙනසක් ඇති කළා. ව්‍යාප්තිය පටන් ගත්තා.

තාත්තා ව්‍යාපාර ගණනාවකට සම්බන්ධයි. ෂෙයාර්ස් තියෙනවා. ඇයි ඒවා තියෙද්දි වෙන ම ව්‍යාපාරයකට අත ගැහුවේ...

“ඔය තාත්තා හදපු දේවල්නේ පුතාලා කරගෙන යන්නේ...“ මිනිස්සු කියන එහෙම කතා අහන්න අපි කැමැති නැහැ. තාත්තා අපිට උදව් කළා. අපිටත් යමක් කරන්න පුළුවන් බව අපි පෙන්නුවා. ඒකෙන් තාත්තට ආඩම්බරය වැඩියි. අදටත් තාත්තා එයාගෙ බිස්නස් කරගෙන යනවා. අපි අපේ බිස්නස් එකට මහන්සි වෙනවා. දවසක අපේ පුතාලත් මේ බිස්නස් එකම කරනවට අපි කැමැති නැහැ. අලුත් විදියකට වෙනස් විදියකට ඒ අය වැඩ කරනවා නම්, සම්බන්ධවෙනවා නම් හොඳයි. මේ බිස්නස් එක ප්‍රොෆෙෂනල් විදියට ඉස්සරහට යන්න ඕනේ. අද අයියත් මාත් හදලා තියෙන්නෙ ඒ පසුබිම.

Image result for chinese food

චීනෙවත් නැති තරමේ ‘චීන රෙස්ටුරන්ට්’ ලංකාවේ තියෙනවා. කොහොමද තරගෙට මුහුණ දෙන්නේ...

තරගයක් තියෙනවා නම් හොඳයි. එතකොට තමයි හොඳම දේ කස්ටමර්ට ලැබෙන්නේ. හාරසීයකට වැඩි ආහාර වර්ග (Dishes) ප්‍රමාණයක් හැදෙන ලංකාවේ එකම චීන අවන්හල මේක වෙන්න ඇති. එදිනෙදා ෆ්‍රෙෂ් මස් මාළු ගේන එක, ඒ ඒ වෙලාවට උණු උණුවේ කෑම හදලා දෙන එක... මහ පරිමාණයෙන් කරද්දි අභියෝගයක්. නමුත් අපි ඒක කරනවා. අපේ අවන්හල් අටේ ම කෑම එකම කොලිටියක්. ඒ අවන්හල්වල පෙනුම, ගෘහභාණ්ඩ, කුස්සිය, සැරසිලි මේ හැම දේම එකයි. කෑම හදන්නෙ එකම සිස්ටම් එකකට. අපි වගේ ජාලයකට හැර පොඩි පොඩි තැන්වලට අමාරුයි මේ දේවල් මේන්ටේන් කරන්න.

ඔබ මොන තරම් ප්‍රාග්ධනයක් මේ ව්‍යාපාරය වෙනුවෙන් යෙදෙව්වද...

තාත්තා අපි දෙන්නට අරන් දීපු ඉඩමක් තිබුණා. අපි ඒක උකස් කරලා බැංකු ණයක් ගත්තා. මිලියන 20ක්. එතකොට අයියට 26 යි. මට 25 යි. අම්මයි තාත්තයි ඒ වැ‍ෙඩ්ට ඒ තරම් කැමැති වුණේ නැහැ. ඒ වුණාට කරන්න ඉඩ දුන්නා. ඒ දීපු නිදහස නිසා තමයි අපි ‘අවදානම්’ අරන් වැඩ කරන්න පුරුදු වුණේ.
Image result for capital

අද මේ ආයතනයේ කොයිතරම් පිරිසක් වැඩ කරනවද...

ශාඛා අටක්. හෙඩ් ඔෆිස්, මේ සෑම තැනක ම එකතුව තුන්සිය පණහක්. ඒත් හුඟ දෙනෙක් ගම්වල තරුණ අය. අපි ඔවුන්ට කෑම, නවාතැන් දෙනවා. පුහුණුව සහ ආකල්ප වර්ධනය කරන වැඩසටහන් කරනවා. උඩට එන ක්‍රමවේද හදලා තියෙනවා. එහෙම උඩට ආපු ගණනාවක් මේ ආයතනයේ වැඩ කරනවා. අධ්‍යාපනය හමාර කළ ඈත ගම්වල තරුණයන්ට අපි රැකියා අවස්ථා දෙන්න සූදානම්. එහෙම අය ඉන්නවා නම් අපිට ලියන්න. කතා කරන්න. ඔබේ අනාගතයට අපි අත්වැලක් හදනවා.

Image result for chinese dragon cafe

සේවකයන් එක්ක තිබෙන්නේ සම්බන්ධතාවක් ද ගනුදෙනුවක් ද...

ලොකු බැඳීමක්. මේක ගන‍ුදෙනුවකින් විතරක් කරන්න පුළුවන් බිස්නස් එකක් නෙවෙයි. කෑම කියන්නෙ ප්‍රධාන කොට ම රසය, පෙනුම. ඒක ‘ෆීලින්’ එකක්. ඒ වගේ හැඟීමක් සම්බන්ධ දෙයක් මාකට් කරන්න නම් ඒකට සම්බන්ධ අය එක්ක යම් බැඳීමක් තියෙන්නත් ඕනේ. අපේ වැඩ කරන තුන්සිය ගණන ම මාත් අයියත් නමින් දන්නවා. අපි සමහර වෙලාවට වැඩ කරන අය එක්ක මැනිං මාකට් එකට යනවා. පාන්දර දෙක තුනට පෑලියගොඩ මාළු මාකට් එකටත් යනවා. MD හෝ ඩිරෙක්ටර්ත් එහෙම වැඩ කරනවා නම් ස්ටාෆ් එකට මඟ හරින්න බැහැ. අවන්හලට එන පාරිභෝගිකයාට උසස් ලෙස සලකන්න... ඩිලිවරි කරන්න... ටේක් අ වේ සේවාව, Outdoor Catering සපයන්න... අවන්හල ඇතුළෙ කොම්පැනි මීටින් තියන්න.. ඔය වගේ සේවාවන් රැසක් එකවර සපයන්න අපිට පුළුවන් වෙලා තියෙන්නෙ වටිනා සේවක පිරිසක් අපිට ඉන්න නිසා.

Image result for employee relations

මොනවද සේවක බැඳීම් තියාගන්න කරපු හොඳ ම දේ...

තමන්ගෙ පවුල තුළ මූල්‍ය කළමනාකරණය අපි ඔවුන්ට කියලා දෙනවා. කොළඹ හිටියා කියලා නාස්ති නොවී අරක්කු සිගරට් නොබී තමන්ගෙ පවුලේ දියුණුවට වැටුප යොදවන හැටි කියලා දෙනවා. ඒ හැමෝගෙම ළඟ අපි දෙන්නගෙ මොබයිල් නම්බර්ස් තියෙනවා. ඕන වෙලාවක අපිට ඍජුව ම කතා කරන්න පුළුවන්. අපිට සෙක්‍රටීස්ලා නැහැ. අපේ සේවකයෝ හැමෝම අපේ ෆේස් බුක් යාළුවෝ.

අම්මා තාත්තගෙන් ජීවිතයට එකතු වූ වටිනාකම් මොනවද...

නිදහසේ හිතන්න සහ තීරණ ගන්න එක. අපි තුළ ආත්ම විශ්වාසය ගොඩනැඟුණෙ ඒ නිදහසින්. මඟ පෙන්වූවා මිස කවදාවත් අපිට බලපෑම් කළේ නැහැ. ඉගෙන ගනිද්දි පවා මං උසස් පෙළට මැත්ස් තෝරා ගත්තෙත් අයියා සයන්ස් තෝරා ගත්තෙත් අපේ කැමැත්තෙන්. මං උසස් අධ්‍යාපනයට ඇමරිකා ගියා. අයියා ලංකාවේ ඉඳන් එයාගෙ උපාධිය කළා.

මොකක්ද ඔබට තිබෙන උපාධිය...

ඇමරිකාවේ පෙන්සිල්වේනියා යුනිවර්සිටියේ මිකැනිකල් ඉංජිනියරින් උපාධියක්. ව්‍යවසායකත්ව පුහුණුව, බ්‍රෑන්ඩ් හදන හැටි, කේස් ස්ටඩිස්, ගැටලු නිරාකරණය... ඔය වගේ ව්‍යාපාරවලට අදාළ හුඟක් විෂයන් ඒ උපාධිය තුළ මං ඉගෙන ගත්තා. අයියා නම් උපාධියට කෙළින්ම ව්‍යාපාර කළමනාකරණය කළා. එයා ලංකාවෙ ඉඳන් ඇමරිකන් නැෂනල් කොලේජ් එකෙන් විභාග කළා.

අද චීන කෑම ව්‍යාපාරය කියන්නෙ බොහොම ලාභ ලැබිය හැකි බිස්නස් එකක්...

අපි ඒ ගැන හිතන්නෙ වෙනස් විදියට. බිස්නස් එකක නමක් හදන්න අවුරුදු තිහ හතළිහක් යනවා. ඒ වුණාට සල්ලි මුලට තියා ගත්තොත් දවස් දෙකෙන් ඒ නම විනාශ කරගත්තැකි. ඒ නිසා බලන්න පැති හුඟක් තියෙනවා. ලාබය ඒ සියල්ලෙන් එකක් විතරයි. ව්‍යාපාරයක සල්ලි කියන්නෙ හැමදේමත් නෙවෙයි. චීන අවන්හල් විතරක් නෙවෙයි, කොයි ව්‍යාපාරයක වුණත් සල්ලි මුලට ආවොත් පැවැත්මක් නැහැ.
Image result for warren buffett

කවුද ඔබේ Role Model….

අපි දෙන්න ම වොරන් ඔෆට් ගේ න්‍යායන්වලට කැමැතියි. කරන දේ හදවතින් ම කළොත් වරදින්නෑ. සල්ලි වුණත් ළඟ නතර වෙන්නෙ හරි විදියට හම්බ කළොත් විතරයි. මේ විදියට වැඩකරපු ව්‍යාපාරිකයෝ කාටත් අපි කැමැතියි. විශේෂයෙන්, මෑත යුගයේ ඉදිරියට ආපු ලංකාවෙ සමාගම් ගණනාවක ම මේ ලක්ෂණය තිබෙනවා. අපි දෙන්න ම කොහොමටත් ව්‍යාපාරික චරිත හදාරනවා. ඔවුන්ගේ ජීවිත කියවනවා. නිතර කොටස් වෙළෙඳපොළ අධ්‍යයනය කරනවා. ස්වෝත්සාහයෙන් දියුණු වන ව්‍යවසායකයන්ට කොටස් වෙළෙඳපොළ විශ්වවිද්‍යාලයක්. මූල්‍ය, පිරිස් කළමනාකරණය, නීතිමය පැත්ත, කාල කළමනාකරණය, ආයතනික ප්‍රතිපත්ති, ආයතනික පුරුදු... මේ සියල්ල සමාගම්වල වාර්ෂික වාර්තාවල තිබෙනවා. අවුරුදු පහළොවක පටන් අපි දෙන්න ම තවමත් මේ සියල්ල අධ්‍යයනය කරනවා. ඕන කෙනකුට ඉන්ටනෙට් ගියා ම මේ දේවල් හොයාගන්න පුළුවන්. ලොකු බිස්නස් කරන අය සහ සමාගම් කොහොමද වැඩ කරන්නෙ කියලා දැනගන්න ඒක තමයි හොඳම දේ.

හැමදාම කන්නෙ චීන කෑම විතර ද...

අපි අනෙක් තැන්වලිනුත් නිතර කාලා බලනවා. මෙහෙදි නම් කන්නෙ සේවකයො කන කෑම පාර්සලේමයි. මම MD කියලා අයියා ඩිරෙක්ටර් කියලා ස්පෙෂල් නැහැ. එකම ලන්ච් රූම් එකක, වැඩකරන අයත් අපත් එකම මේස පුටුවල ඉඳන් කන්නේ. අපිට කියලා වෙන ම කූඩු කරපු කාමරත් නැහැ. හැමෝම සමානයි. අපි හැමෝම වෙනස් වෙන්නේ තමන්ගේ රාජකාරිය අනුව විතරයි.

Image result for chinese dragon cafe

‍ඔබ දෙදෙනාම තරුණයි. බිස්නස් එකේ ලාභයෙන් ‍මොනවද කරන්නේ...

ඇත්ත ම කියන්නම්. අපි දෙන්න ම තව ම මේ බිස්නස් එකෙන් කිසි ම දෙයක් අරන් නැහැ. අපිට වෙන ආදායම් තියෙනවා. ඒවා යැපෙන්න ප්‍රමාණවත්. බිස්නස් එකේ හැම සතයක් ම යළි යොදවන්නෙ බිස්නස් එකටමයි. රට යන්න, නිවාඩු ගත කරන්න, සැප ගන්න මේ බිස්නස් එකේ සල්ලි අපි තව ම ගන්නෙ නැහැ. එහෙම කරපු නිසා තමයි මේ තරම් කෙටි කාලයක් තුළ ශාඛා තුනක් අට දක්වා ව්‍යාප්ත කළේ. ව්‍යාපාරය තමයි අංක එක.

චීන කෑම කියන්නෙ කෘත්‍රිම රස ගොඩක්. කොටින් ම ‘අජිනො මොටෝ’... මේ ගැන ඔබ මොකද කියන්නෙ...

හරි රෙසිපිය දන්නවා නම් අජිනොමොටෝ අවශ්‍ය නැහැ. සෝස් වර්ග මිශ්‍ර කිරීමෙන් ඒ රස උපරිමයෙන් ගන්න පුළුවන්. මුල් කාලෙ භාවිත නොකළා නෙවෙයි. අපේ අත්හදා බැලීම්වල ප්‍රතිඵලයක් විදියට අජිනොමොටෝ නොයොදා චීන ආහාර හදන්න පුළුවන් බව අපි තහවුරු කර ගත්තා. කෑම රස කරන්න එය අත්‍යවශ්‍ය දෙයක් නොවෙයි. හැබැයි චීන කෑප කාපුවම එන වතුර තිබහට අපහසුතාවට එකම හේතුව ඒක විතරක් නෙවෙයි. ජලය, ආහාර සුරක්ෂිතතාව, උපකරණවල සෞඛ්‍යාරක්ෂිත බව සහ පිරිසුදුකම කියන හුඟක් කාරණා බලපානවා. යම් කෑමක් ඕඩර් කළාම ඒක හැදෙන විදිය බලන්න කස්ටමර්ට අයිතිය තිබෙනවා. නමුත් කවුද එහෙම ඉඩ දෙන්නෙ. අදාළ ආරක්ෂිත ඇඳුම් ඇඳගෙන ඕන වෙලාවක අපේ කස්ටමර්ට පුළුවන් ඇතුළු කුස්සියක් බලන්න. නමුත් අපේ හැම ශාඛාවකම දැන් මුළුතැන්ගේ තිබෙන්නෙ පාරිභෝගිකයාට පේන්න විවෘතව. මේ විනිවිදභාවය අද කාලෙ ඉතා වැදගත්.

Image result for cooking

චීන සූපවේදියො ද ඔබේ අවන්හලේ කෑම හදන්නෙ...

අපේ රටේ ශිල්පය දන්න දක්ෂයො ඉඳිද්දි චීනෙට සල්ලි දෙන්නෙ මොකටද... අපි දැනුම හුවමාරු කරගන්න සමහර අවස්ථාවක එහෙම කෙ‍ෙනක් ගෙන්නුවත් සියලු සූපවේදියෝ අපේ රටේ අය. ප්‍රතිපත්තියක් විදියට අපි විදෙස් සූපවේදින් සේවයට ගන්නෑ. මොකද ඒ අවස්ථාව අපේ රටේ කෙනකුට දෙන්න පුළුවන් නම් ඇයි අපි එහෙම නොකරන්නේ?

මේ බිස්නස් එක ඔබට හැඟීමක් ද බිස්නස් එකක් ද...

දෙකම. ‘මතක හිටින කෑමක්...’ කියන තේමාව අපි යොදා තිබෙන්නෙත් ඒ නිසා. එක දවසක් අපෙන් කාලා තව තැන් දහයකින් කෑවත් ආපහු අපිව මතක් වෙන්න ඕනේ. ඒ තමයි අපි දෙන හැඟීම. ඊළඟට තව රස්සා ටිකක් හදන්න ඕනේ. වැඩකරන අය බලාගන්න ඕනේ. අලුත් ශාඛාවලට ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඔපරේෂන් එක සිස්ටම් එකකට යන්න ඕනේ. අපි නැතත් මේ ආයතනය ඉදිරියට යන්න ඕ‍ෙන්. රස්සා ටික රැකෙන්න ඕනේ. ඒ නිසා සුදුසුකම් හදාගත්තු යහපත් ආකල්ප තියෙන පිරිසක් අපිට අවශ්‍යයි. අපේ සේවකයෝ අද ඇවිත් හෙට යන අය වෙන්න බැහැ. ඔවුන්ගෙ යම් ජීවිත හැඩගැස්මක් මෙතැන වෙනවා. බිස්නස් එකක් ඉදිරියට යන්න මේ කාරණා ප්‍රබල ලෙස බලපානවා.
Image result for chinese dragon cafe

ඔබ දෙදෙනා ම බිස්නස් එක ජීවිතය ම කර ගත් හැඩයි...

අවුරුදු 74 ක ඉතිහාසයක් තිබුණට බිස්නස් එක අපේ අතට අරන් අවුරුදු නවයයි. ඒ නිසා අපිත් තවම අත්දැකීම් ලබමින් ඉගෙන ගන්නවා. ඒ නිසා MD හරි ඩිරෙක්ටර් හරි කියලා පැත්තකට වෙන්න බැහැ. අපිත් වැ‍ඩේට බැහැලා ඉන්නේ. කොයි ව්‍යාපාරයට වුණත් අත්වැරදීම් අත්දැකීම් පොදුයි. ඒ සියල්ල මැදිනුයි උඩට යන්නේ.

ආගමත් එක්ක තිබෙන බැඳීම කොහොම එකක් ද...

අපි හින්දු. අපිට දෙවිවරු හුඟක් ඉන්නවා. නමුත් බිස්නස් එකට අපි ආගම ගේන්නෑ, හැම ජාතියකම හැම ආගමක ම අය මෙතැනි වැඩ කරනවා. මං තවම විවාහ වෙලා නැහැ. නමුත් මගේ අයියගේ බිරිය, සිංහල බෞද්ධ.

විවාහ නොවී ඉන්නෙ බිස්නස් නිසාද...

ඇත්තට ම බිස්නස් එකට හුඟක් වැඩ කරන නිසා වෙලාව නැහැ තමයි. නමුත් ඒකෙන් කියන්නෑ මං විවාහ නොවී ඉන්නවා කියලා.

Image result for dinner getting

ජීවිතය විඳින්නේ කොහොමද...

Work is pleasure. වැඩ කිරීම තමයි සතුට. රෑට බ්‍රාන්චස්වලට යන එකත් සතුටක්. මිනිස්සු කන බොන හැටි ඔවුන්ගේ මුහුණුවල සතුට මම ඇස්දෙකෙන් ම දකින්න ආසයි. අයියත් එහෙමයි. අපෙන් කෑමක රස විඳලා යන හැම කස්ටමර් කෙනෙක් ම ඔවුන්ගේ ප්‍රතිචාර දක්වල යන ලියවිල්ලක් තිබෙනවා. හොඳ, නරක හෝ අඩුපාඩු ඔවුන් එහි ඍජුව ම සඳහන් කරනවා. අපි ඒවා හොඳින් බලනවා. මේ සියල්ල සමඟ බිස්නස් එක ඉදිරියට ගෙන යන විදිය තමයි හැම වෙලාවෙ ම අපි හිතන්නේ.

මේ බිස්නස් එක අතහරින්න හිතෙන්නෙ නැද්ද...

ප්‍රශ්න එක්ක හැප්පෙන එක මේ ගේම් එකේ ම කොටසක්. මොන දේ වුණත් මංවත් අයියවත් ගේම් එක අත්හරින්නෑ. පාඩු එයි, වෙන මඟක් හොයනවා. සල්ලි මදිවෙයි, බැංකුවෙන් ණය ගන්නවා. වැරදෙයි ඉගෙන ගන්නවා. එපා වෙයි, සතුටු වෙන්න පුළුවන් දේ ගැන හිතනවා. අන්තිමේ කොහොම හරි බිස්නස් එක ඉස්සරහට ගෙනියනවා. ‘Never giveup….’ ඒක තේමා පාඨය.
(උපුටාගැනීමකි)

    
මේ වගේ උත්සහවන්ත සහ ධනවත් පුත්ගලයෙක් වෙන්න ඔයාටත් පුලුවන්...!

Comment එකක් දාලා අපිව දිරිමත් කරන්න අමතක කරන්න එපා...!
තවත් යාලුවන්ට බලන්න Share කරන්න..!


කොටස් වෙළෙදපොල ආයෝජනය කර ඔබත් ධනවත් වන්න ..💸💸💰
අපගේ සේවාව දැන් Airtel වෙතිනුත් ලබා දෙන බව කරුණාවෙන් දැනුම් දෙමි .😱😱
කොටස් වෙළෙදපොල පිළිබද තොරතුරු ඔබගේ ජංගම දුරකතනයටම...📲📲




REG (space) cscse

ලෙස සදහන් කර 77000  ට SMS කරන්න .

Only Airtel / Dialog / Hutch








කෝටියක් වටිනා  අදහස් සදහා මසකටම පුංචිම පුංචි රු.30ක් සහ රජයේ බදු මුදල් අය වේ..