Thursday, March 1, 2018

ධනවතුන් 01

නවින්ද සමරවික්‍රම මහතා 

Image result for එංගලන්තයේ සදර්බීස්

Managing Partner - ෂොක්මන් ඇන්ඩ් සමරවික්‍රම


ෂොක්මන් සහ එඩ්වින් සමරවික්‍රම ඔවුනොවුන් මුණ ගැසී අවුරුදු 125ක් ගතව ඇත.
වතු කර්මාන්තයේ යන්ත්‍රෝපකරණ, රට හැර යන සුද්දන්ගේ බඩු භාණ්ඩ වෙන්දේසි කිරීමෙන් ඇරැඹි ඔවුන්ගේ ව්‍යාපාරයට 1955 සිට ෂර්ලි සමරවික්‍රම තවත් දේ එකතු කළේය. ෂර්ලි, එඩ්වින්ගේ හත්වැනි පුතුය.
නවින්ද සහ අනූජ ගේ තාත්තා ය. තාත්තා, ඒ පුතුන්ට හඳුන්වා දුන් වාහන වෙන්දේසි ව්‍යාපාරය අද අතු පතර විහිදුවා ඇත. මාසෙකට වාහන තුන් හාරසීයය වෙන්දේසි වන්නේ ඒ අනුවය. මෙරට වෙන්දේසි කර්මාන්තයේ විප්ලවයක් ඇති කරමින් ඒ පුතුන් අද තවත් පියවරක් තබා තිබෙයි.
ඒ ‘ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී වෙන්දේසි අඩවිය‘ ඇරැඹීමයි. ඉදින්, මේ උදාව ඇත්තේ, ගෘහ භාණ්ඩ, පෞරාණික දේ, ස්වර්ණාභරණ, කලා නිර්මාණවල සිට වාහන සහ දේපළ දක්වා දේ ‘ඔන් ලයින්’ ලන්සු තබන යුගයකි.
* එලිසබෙත් රැජිනගෙ කාර් එක වෙන්දේසි කළෙත් අපි
* වෙන්දේසි කළ අලියා ගත්තෙ දියවඩන නිලමෙතුමා ලක්ෂ 180කට
* විකිණුනු ලිට්ල් බැම්බිනෝ චිත්‍රය ගත්තෙ සුප්‍රකට ව්‍යාපාරිකයෙක්
No automatic alt text available.
* අවුරුදු 125ක් පිරෙන ආයතනයක අද මුල් පුට‍ුවෙ ඉන්නෙ ඔබ...
අභිමානයක් දැනෙනවා. මේ වගේ අනන්‍යවූ (uniqueness) ඇති ආයතනයක් සියවසකටත් වඩා අඛණ්ඩව පවත්වාගෙන ආ එකම අභියෝගයක්. ඉදිරියත් එසේමයි. නමුත් අපිට ඉන්නෙ භාණ්ඩ සහ මුදල් සමඟ ගනුදෙනු කරන පිරිසක් විතරක් නෙවෙයි. රසවතුන්. ඉතිහාසයට පෙම් කරන්නන්. අතීතකාමීන්. උගතුන් වියතුන්. කොටින් ම ජීවිතය විඳින්නන්. මේ සියල්ලන් සමඟ ආපු ගමනක් මේ.

Image result for shockman and samarawickrama

ෂොක්මන් ඇන්ඩ් සමරවික්‍රම... ආරම්භය කොතැනද
ෂොක්මන් කියන්නෙ බදුල්ලෙ ජීවත් වූ බ්‍රිතාන්‍ය ජාතික වැවිලිකරුවෙක්. ඔහුට මගේ සීයා, එඩ්වින් ඩි අල්විස් සමරවික්‍රම මුණගැහෙන්නෙ නුවරඑළියෙ අශ්ව රේස් බලන්න ගිය ගමනකදි. ෆර්නිචර්... ආර්ට්... පෞරාණික දේ... ඔවුන් ගේ කතාවලට නිරන්තර විෂය මාතෘකා වෙලා. මේ සමානකම් මත ගොඩනැඟුණු මිත්‍රත්වය තමයි, ‘ෂොක්මන් ඇන්ඩ් සමරවික්‍රම‘ ව්‍යාපාරයේ ආරම්භය.

Image result for auction

එතකොට ‘වෙන්දේසි ව්‍යාපාරය’ ක්‍රියාත්මක කළේ...
උඩරට පළ‍ාතේ රට හැර යන සුද්දන්ගෙ බංගලාවල ඔවුන් පාවිච්චි කළ බඩු භාණ්ඩ සති අන්තයේ, ප්‍රසිද්ධියේ ලංසු තියලා විකුණන්න පටන් ගැනීමෙන්. මේක බලන්න බදුලු, බණ්ඩාරවෙල, නුවරඑළියෙන් හුඟක් අය ආවා. මුලින් හ‍ැමෝම එකතු වන Social event එකක් විදියට පටන් ගත්තු වැඩේ පස්සෙ පස්සෙ ලොකු ව්‍යාපාරයක් වුණා.
Image result for auction

අද, ෂොක්මන් ගේ පරපුරේ කවුද මේ බිස්නස් එකේ ඉන්නෙ...
කිසිවෙක් නැහැ. ඔහු තනිකඩයෙක්. බිස්නස් එක පටන් අරන් ටික කලකින් ෂොක්මන් සියල්ල මගේ සීයට දීලා ආපහු බ්‍රිතාන්‍යයට යනවා. ඔහු ගියත්, අවුරුදු 125ක් ගත වුණත් අපි ඒ නම වෙනස් කළේ නැහැ. කරන්නෙත් නැහැ. එකක් ඔහුට කරන ගෞරවයක් විදියට. අනෙක ඒ නම අපිට ආශිර්වාදයක්.

Schokman

Image result for shockman and samarawickramaImage result for shockman and samarawickrama

ෂොක්මන් ඇන්ඩ් සමරවික්‍රම... පවුලේ ව්‍යාපාරයක් ද...
ඔව්. මගේ සීයා එඩ්වින්ට ළමයි අට දෙනයි. ඒ අටදෙනාගෙන් ලොයිඩ් සහ ඩෙරික් ලොකු පුතාලා තමයි මුලින් ම ව්‍යාපාරයට එන්නේ. පස්සෙ ම‍ගේ තාත්තා ෂර්ලි සහ එයාට බාල කාර්ල් සමරවික්‍රම බිස්නස් එකට එනවා. ලොයිඩ් සහ ඩෙරික් ඔවුන්ගේ දරුවන් එක්ක පිටරට පදිංචියට යනවා. කාර්ල්ට දරුවො නැහැ. ඉතිරි අය වෙන වෙන අංශවල රස්සා කෙරුවා. ඉතින් තාත්තා තමයි බිස්නස් එක කරගෙන ගියේ.

Image result for family business

එතකොට මේ ඔබේ තාත්තගෙන් ඔබට ලැබුණු උරුමයක්...
මට විතරක් නෙවෙයි මගේ මල්ලි අනූජටත්. බාලම නංගි ගයින්තා මේ ව්‍යාපාරයේ මෙහෙයුම් අධ්‍යක්ෂවරිය. දෙවැනියා රංජින්තා නංගි, ලෝයර් කෙනෙක්. පවුලක් විදියට අපේ පරම්පරා තුනේ හැමෝම, පුංචි හරි උදව්වක් ව්‍යාපාරය වෙනුවෙන් කරලා තියෙනවා. ඒ නිසා අපි මේක සලකන්නේ පරම්පරාගත පවුලේ ව්‍යාපාරයක් විදියට.
Image result for managing partner
මොකක්ද ඔබේ ව්‍යාපාරයේ අනන්‍යතාව...
අතීතයේ පටන් මේ ව්‍යාපාරයේ ලොකු ම තනතුර Managing partner. ඊළඟට ඉන්නේ CEO. එතැන ඉන්නෙ අනූජ මල්ලි. සභාපති කෙනෙක් නැහැ. මොකද මේක firm එකක්. Partnership එකක් තුළ ලොකු බැඳීමක් තිබෙනවා. ඉස්සර වුණත් අපේ තාත්තා වෙන්දේසියක් ඉවර වුණා ම, ටෙලිෆෝන් කෝල් එකකට හරි උත්තර දුන්නානේ කියලා ගෙදර හැමෝට ම තෑගි බෙදනවා. කොටසක් දෙනවා. මගේ තාත්තා කැමැති වුණෙත් බිස්නස් එක මේ විදියට යනවට.

Image result for iso

වෙන්දේසි ව්‍යාපාරයකට අනන්‍ය වූ විශේෂත්වය කුමක් ද...
අපි යමක් වෙන්දේසි කරන්නෙ, එහි හිමිකරුවා වෙනුවෙන්. අපි අතරමැදි සේවාවක් සපයන්නකු පමණයි. නමුත් එය සරල නැහැ. දකුණු ආසියාවේ සහ ශාන්තිකර කලාපයේ වෙන්දේසිකරණය, තක්සේරුකරණය සහ දේපළ තැරැව්කරණය සඳහා වන ISO සහතිකය දිනාගත් පළමුවැනි සමාගම අපි.
Image may contain: people sitting, table and indoor

වෙන්දේසියකට හැමදාම ඉන්නෙ එක ම මට්ටමක ගැනුම්කරුවොද...
ඉහළ පහළ කොයි සමාජ තලවලත් අය වෙන්දේසි පොළවලට එනවා. ඉහළ සමාජතලවල අය හොයන්නෙ පැරැණි චිත්‍ර... කැටයම්... ලී බඩු.... වගේ වටිනාකමින් වැඩි දේ. බහුතරය එන්නේ වෙළෙඳපොළේ මිලට වඩා අඩුවෙන් ගන්න පුළුවන් ‘මොඩර්න්’ දේ හොයාගෙන.
Image result for auction

මේ ව්‍යාපාරයේ වැඩිපුර ම ඉන්නෙ වක්‍රව යැපෙන පිරිස නේද...
ඔව්. ඇන්ටික්ස් හොයන්න රට පුරා යන අය... වෙන්දේසියට කලින් සමහර බඩු භාණ්ඩ හදන, පොලිෂ් කරන, සූදානම් කරන අය... ඒ වගේ ම වාහන අංශයේ වෙන ම පිරිසක්, ලීසිං සහ මූල්‍ය සමාගම් මේ ව්‍යාපාරය තුළ සිටිනවා. ඒ වගේ ම, වෙන්දේසි‍යකින් බඩු අරන් පෙනුම වෙනස් කරලා ආපහු විකුණන අයත් ඉන්නවා. මේක දෙතුන් දාහක් පමණ වක්‍රව රැකෙන ව්‍යාපාරයක්.

Image result for human auction

ලන්සු තියලා වෙන්දේසි කරන්න බැරි මොනවද...
මනුස්ස ජීවිතේ හැර අනෙක් ඕන දෙයක් පුළුවන්. හැබැයි, ලෝක ඉතිහාසයේ, රෝමයේ ග්‍රීසියේ වහලුන් වෙන්දේසිකොට තිබෙනවා. සහකරුවන් සොයාගන්න මනාලියන් වෙන්දේ‍සිකොට තිබෙනවා. ඒ කියන්නේ මිනිස් ජීවිතටත් ලන්සු තියපු කාල තිබුණා. මේ අවුරුදු 125ට අපි කවදාවත් බුදුන්ගේ හෝ‍ ජේසුතුමන්ගේ ප්‍රතිමාවක් පිංතූරයක් වෙන්දේසි කරලා නැහැ. අනාගතයේ වෙන්නෙත් නැහැ. මොන තරම් ලාභ තිබුණත් ආගමික කිසිම දෙයක් වෙන්දේසි නොකිරීම අපේ ආයතනික ප්‍රතිපත්තිය.

Related image
කවදාවත් අමතක නොවන දෙයක් වෙන්දේසි කර නැද්ද...
මීට අවුරුදු 20කට විතර එපිට රුපියල් ලක්ෂ හය හතකට සූ එකේ අලියෙක් වෙන්දේසි කළා. හේතුව ඌ දරුණු වෙලා ඇත්ගොව්වො දෙන්නෙක් මරා දාලා තිබුණා. ඊළඟට විශ්‍රාම ගිය ගුවන් හමුදා නිල සුනඛයෝ පහළොස් දෙනෙක් වෙන්දේසි කළා.

Related image

කවුද ඉතින් මිලදී ගත්තෙ...
අලියා ගත්තෙ, නිලංග දෑල බණ්ඩාර දියවඩන නිලමෙතුමා. අච්චර දරුණු අලියා ඉතා කීකරුව එතුමා ළඟ හැදුණලු. විශ්‍රාම ගිය නිල සුනඛයො ටික නම් ගත්තෙ ගෙවල්වල ඇති කරන අය.
Image result for jaguar classic

එතකොට වෙන්දේසි කළ වැඩි ම වටිනාකමක් ඇති පෞරාණික භාණ්ඩය මතකද...
මීට අවුරුදු 20කට විතර උඩදි මගේ තාත්තා පොලිස් දෙපාර්තමේන්තුව සතුව තිබූ ජැගුවා කාර් එකක් ‍වෙන්දේසි කළා. ඒක තමයි, එලිසබෙත් රැජින පළමු සැරේ ලංකාවට ආපු වෙලාවෙ ගමන් කරපු කාර් එක. වෙන්දේසියෙන් කාර් එක ගත්තෙ එවකට සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමේ MD වෙලා හිටි එරන්ජිත් විජේනායක. ඔහු පැරැණි දේ එකතු කරන්නෙක්.

Image result for david painter little bambini
වැඩිම මිලකට වෙන්දේසි වූ භාණ්ඩය මතක ද...
කොළඹ හතේ චාල්ස් ඩී සොයිසා පවුලට අයිති බූදලයෙන් කොටසක් ඒ පවුලේ අය විකුණන්න තීරණය කළා. වෙන්දේසි කළේ අපි. ඒ අතර තිබූ ‍’ඩේවිඩ් පේන්ටර්’ නම් ප්‍රකට චිත්‍ර ශිල්පියා ඇඳපු ‘ලිට්ල් බැම්බිනු’ කියන පේන්ටින් එක. අපි රුපියල් ලක්ෂ 180කට වෙන්දේසි කළා. ඒ චිත්‍රයට මුද්දරයකුත් තියෙනවා. චිත්‍රය ගත්තෙ ලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්.

Image result for antic things
පරණ බඩුත් එක්ක කරන මේ ගනුදෙනුව නීරස නැද්ද...
දවසක අපි ප්‍රභූ ගෙවල්වල. තව දවසක දෙනෝදාහක් ගැවසෙන උගුර රිදෙනකල් කතා කරන්න වෙන වාහන වෙන්දේසිපොළක. තවත් දවසක අපිව හොයාගෙන එන කලාකරුවො. චිත්‍ර ශිල්පියෝ, ව්‍යාපාරිකයෝ, රසවතුන්, විඳින්නන්, ඉහළ පහළ තරාතිරමක් නැතිව මේ විදියට අපි මුණගැහෙන පිරිස අති විශාලයි. හැම දවසක් ම වෙහෙසයි. ඒ වගේ ම රසවත්. සමහරවිට ඔබට කවදාවත් දකින්න නොලැබෙන ඉපැරැණි යුගයක අභිමානය කියාපාන බොහෝ දෑ මුලින් ම එන්නෙ අපි ළඟට. ඒවා දකින්නෙ අපි.මුලින් ම විඳින්නෙ අපි. ඉතින් කොහෙමද මේ ගනුදෙනුව නීරස වෙන්නේ ?

Related image
කවුද ඔබ‍ට මේ ව්‍යාපාරයේ සිටින Role Model….
මගේ තාත්තා. අවුරුදු දහයෙ විතර ඉඳන් මං තාත්තා එක්ක වෙන්දේසිවලට යනවා. බඩු භාණ්ඩ - වාහන බලන්න රට වටේ යනවා, ඒ ගැම්ම තවමත් ඇ‍ඟේ තිබෙනවා. අදත් දාඩිය පෙරාගෙන පැය ගණන් අව්වෙ ඉඳගෙන වැඩ කරන්න පුළුවන් ඒ පුරුදු පුහුණුව නිසා. පන්නරය නිසා. මොකද මේක හැමෝට ම කරන්න පුළුවන් බිස්නස් එකකුත් නෙවෙයි. කතාවෙ දක්ෂයෙකුත් වෙන්න ඕනේ.

Image result for employee salary
තාත්තගෙන් ඔබේ ව්‍යාපාර ජීවිතයට ගත් දේ මොනවද...
පළමුකොට ම සේවකයන්ගෙ පඩි ගෙවන්න. දෙවනුව ආණ්ඩුවට ගෙවන ටැක්ස් ගෙවන්න. තුන්වැනියට ඕන දෙයක් කරන්න. මේ කාරණා තුන මං ඒ හැටියට ම කරවා. මොකද අපි කරන්නෙ ප්‍රසිද්ධ මහජන වෙන්දේසි. කොළේ වහලා හොර කරන්න බැහැ. ඕන කෙනකුට ඕන දෙයක් බලන්න පුළුවන්. විවෘතයි. විනිවිදයි. ආයතනයකට මේ තරම් දුර එන්න බැහැ, විශ්වාසය සහ මේ උසස් කොලිටිය නැත්නම්.

Image result for england antique auction
ලෝකයේ ඉන්න ප්‍රසිද්ධ වෙන්දේසිකරුවා කවුද...
එංගලන්තයේ සදර්බීස්..., ක්‍රිස්ටීන් වගේ ආයතන. ඇන්ටික්ස්. පේන්ටින්ග්ස් සහ පැරැණි මුද්දර සහ වෙනත් එකතු, තමයි ඔවුන්ගේ ප්‍රධාන අංශ.

Image result for auction
මොකක්ද ඔබේ මුල්ම රස්සාව...
මේකම තමයි. තාත්තා පඩිය දුන්නෙ රුපියල් තුන්දාහයි. මං මුලින් ම තනියම වෙන්දේසියක් කළේ අවුරුදු 18 දි. වෙන්දේසිය කරමින් හිටි තාත්තා හදිසියේ ලෙඩ වුණා. තාත්තා මට ‘මිටිය’ අතට දුන්නා. එදා මං වෙන්දේසිය දිගට ම කරගෙන ගිහින් ‘ඈවරයි - දෑවරයි - තුන් ඈවරයි...’ කියලා මිටියෙන් මේසෙට ගහලා තීන්දුව දුන්නා.

Image result for auction
‘මිටිය’ වෙන්දේසිකරුවකුට ආභරණයක් ද...
අභිමානයක්. හරියට විනිශ්චයකරුවකු නඩු තීන්දුව දෙනවා වගේ. ‘ඈවරයි - දෑවරයි - තුන්ඈවරයි‘ කියලා මිටියෙන් මේසෙට ගැහුවට පස්සෙ ආයෙ දෙකක් නෑ. ඒක තමයි තීන්දුව.

Image result for auction
ඔබ හැම වෙන්දේසියකට ම යනවද...
ඔව්. වාහන හරි ගෘහ භාණ්ඩ හරි ලොකු ම ඔක්ෂන් තිබෙන්නේ සති අන්තයේ. අවුරුද්දට සති 52 යි. අපිට ඒක මදි. ඉතින් අපි දවස් හතම වැඩ. ඒ හැම ඔක්ෂන් එකක් ම කරන්නේ මම. නැත්නම් මල්ලි. මොකද බලපත්‍ර ලාභි වෙන්දේසිකරු හැටියට ලයිසන් එක තියෙන්නේ අපිට. හැම වෙන්දේසියකම තීන්දුව දෙන්නෙ අපි දෙන්නගෙන් කවුරු හරි. ඒක අපේ තවත් ආවේණික දෙයක්.



පළවෙනි පරම්පරාව හදන, දෙවැනි පරම්පරාව වැඩිදියුණු කරන බොහෝ පවුලේ ව්‍යාපාර, තුන්වැනි පරම්පරාව විනාශ කරනවා. මේ ගැන මොකද කියන්නෙ...
මම බිස්නස් එකට එන‍්නෙ 1990 අවුරුද්දේ. මට වයස 18 යි. තාත්තා මට මුලින් ම දුන්නෙ ලී බඩු පිහින්න. ඔෆිස් එක අතුගාන්න. ඊළඟට ‍ෙල්ක්හවුස් එකට චෙක්ස් අරගෙන යන්න. බිල් කටයුතු කරන්න. ලොරි වලට බඩු පටවන්න. ගිහින් බාර දෙන්න. අදටත් අපේ හෙඩ් ඔෆිස් තියෙන්නෙ නුවර. නුවර ඉඳන් ඊළඟට කොළඹ ඔෆිස් එකේ වැඩ බාරගන්න වුණා. තාත්තා එක්ක හැම ඔක්ෂන් එකකටම ගියා. එහෙම ඇඟට අරන් ඉගෙන ගත්තු සහ වැඩකරපු නිසා තමයි අද මේ ව්‍යාපාරය ගැන ලොකු උණක් තිබෙන්නේ.
ඒ වගේම, චන්ද්‍රිකා මැඩම්ගෙ රොස්මිඩ් ප්ලේස් බංගලාවෙ පැරැණි බඩු භාණ්ඩ ගණනාවක් වෙන්දේසි කළ වෙලාවෙත් ජේ.ආර්. ජයවර්ධන මහත්තයගෙ ගෙදර ගෘහ භාණ්ඩ තක්සේරු කළ වෙලාවෙත් තාත්තා මාව එක්ක ගියා. එත‍කොට මට වයස 16 යි. මේ වගේ අත්දැකීම් එක්ක හැදෙන ‍කොට වැඩකරනකොට බිස්නස් එක ඇඟට එනවා.
Image result for online auction

බිස්නස් එක වෙනුවෙන් තැබූ අලුත් පියවර ගැනත් කියන්න...
අපි ඊළඟ පරම්පරාවටත් පහසු වෙන්න නවීන තාක්ෂණය යොදා ගනිමින් ‘On line’ ‘live Oction’ කියන තැනට මේ වෙන්දේසි ව්‍යාපාරය ගෙනැත් තිබෙනවා. තව නොබෝ දිනෙකින් වෙන්දේසියකින් යමක් ගන්න අවශ්‍ය නම්, කෙනෙක් වෙන්දේසි පොළට එන්න ම අවශ්‍ය නැහැ. කොහේ හිටියත් ලන්සු තබමින්, ඒ මොහොතේ සජීවීව සම්බන්ධ වෙන්න පුළුවන් තාක්ෂණික ක්‍රමවේදයක්. ඒ නිසා කාලයට ගැළපෙන විදියට මේ ව්‍යාපාරය වෙනස් වෙනවා. හැබැයි සම්ප්‍රදාය තුළ හිඳිමින්. තවත් පරම්පරා ගණනාවක් ෂොක්මන් ඇන්ඩ් සමරවික්‍රම ඉදිරියට යාවි. අපි වැඩ කරන්නේ ඒ වෙනුවෙන්.

කොහේද ඔබ ඉගෙන ගත්තෙ...
අපි නුවර. මායි මල්ලියි දෙන්න ම ට්‍රිනිටි කො‍ෙල්ජ්. නංගිලා ගුඩ් ෂෙපර්ඩ්. අපි කතෝලික. පල්ලි දහම් පාසල් ගියා. ඒවා අපේ ජීවිතවල අනිවාර්ය අංග වුණා.

Image result for friends
ඔබ කොහොම දරුවෙක් වුණාද...
මගේ අම්මා ඉංග්‍රිසි ගුරුවරියක්. මගේ ජීවිතයේ විනය හැදුවේ අම්මා. මං කටකාරයි. යාළුවො හුඟක් හිටියා. පවුලේ වැඩිමලා නිසා හැමදේම ලැබුණා. ඔය හැම දේම අතරේ හොඳට ගහගත්තු ගුටිත් කාපු කොල්ලෙක්.

මොනවද ඔබට තිබුණු හීන සහ අරමුණු...
තිබුණු එකම හීනෙ තාත්තගේ බිස්නස් එකට යන්න. ඕ - ලෙවල් කරලා ඩී හතරයි, සී හතරක් අරගෙන ඒ ලෙවල් පන්තියටත් ගියා. ඒත් ඒ ලෙවල් කරනකල් ඉවසන්න මට බැහැ. මං බිස්නස් එකට ගියා. ඒ බිස්නස් එකේ අත්දැකීම් ලබමින් හුඟක් දුර ආවා.

ඔබට දරුවන්ට සමීප තාත්තෙක් ද...
ඔව්. මට ඉන්නෙ එක පුතයි. එයත් ගියේ ට්‍රිනිටි. මොනෑෂ් සරසවියෙන් උපාධියක් අරගෙන දැන් ජෝන් කීල්ස් සමාගමේ පුහුණුවක් ලබනවා. මං කැමැතියි එයා මේ බිස්නස් එකට එනවා නම්.

Image result for sri lankan culture
ඔබේ බිරිය ව්‍යාපාරයට සම්බන්ධ නැද්ද...
මගේ බිරිය රුසියන්. එයා තමයි අපේ පාවිච්චි කරන ලද ගෘහ භාණ්ඩ සහිත ප්‍රදර්ශනාගාරය බලා ගන්නේ. ඇය අපේ රටේ අපේ සංස්කෘතියට හැඩ ගැහුණු අපේ භාෂාව හොඳින් වැටහෙන කාන්තාවක්.

අවුරුදු 125ක් ගතවෙලා, ඇයි මේ බිස්නස් එක පුළුල් නොකළේ...
රෑට සනීපෙට බුදියාගන්න ඕනෙ නිසා. හිත සැහැල්ලුවෙන් ඉන්න ඕනෙ නිසා. අපිට සතුටු වන තරමට මුදල් ලැබෙනවා නම්, සේවකයන් සතුටින් නම්, අපි ළඟට එන කස්ටමර් සතුටින් නම් මොකටද තවත් ගොඩ බදාගන්නේ. හුඟක් අය හුඟක් ලාභ ලබන බිස්නස් යෝජනා අරන් එනවා. මං ඒවා ගණන් ගන්නෙවත් නැහැ. සල්ලි වුණත් තියෙන්න ඕනෙ ගානකට.
Image result for businessman stress

(උපුටාගැනීමකි)
මේ වගේ උත්සහවන්ත සහ ධනවත් පුත්ගලයෙක් වෙන්න ඔයාටත් පුලුවන්...!

Comment එකක් දාලා අපිව දිරිමත් කරන්න අමතක කරන්න එපා...!
තවත් යාලුවන්ට බලන්න Share කරන්න..!

කොටස් වෙළෙදපොල ආයෝජනය කර ඔබත් ධනවත් වන්න ..💸💸💰
අපගේ සේවාව දැන් Airtel වෙතිනුත් ලබා දෙන බව කරුණාවෙන් දැනුම් දෙමි .😱😱
කොටස් වෙළෙදපොල පිළිබද තොරතුරු ඔබගේ ජංගම දුරකතනයටම...📲📲




REG (space) cscse

ලෙස සදහන් කර 77000  ට SMS කරන්න .

Only Airtel / Dialog / Hutch








කෝටියක් වටිනා  අදහස් සදහා මසකටම පුංචිම පුංචි රු.30ක් සහ රජයේ බදු මුදල් අය වේ..

No comments:

Post a Comment