Monday, March 5, 2018

ලිපි අංක - 08

කොටස් වෙළෙඳපොළ ගැන...

No automatic alt text available.
ලිපි අංක - 08
අද ලිපියෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ සමාගම් කොටස් වල අවධානම මනින බීටා අගය ගැනයි.
Image result for bita value

මොකක්ද මේ බීටා අගය කියන්නේ?

කොටස් වෙළෙඳපොළේ විවිධ සමාගම් වල අවධානම මැනීමට මෙම මිනුම් දණ්ඩ යොදා ගන්නවා. කොටසක අවදානම කොටස් වෙළෙඳපොළට සාපේක්ෂව කොපමණ ද යන්න මෙමගින් කිව හැකියි. කොටස් වෙළෙඳපොළේ බීටා අගය 1ලෙස සළකා සමාගම් වල බීටා අගය නිර්ණය කිරීමයි මෙහි දී සිදු වෙන්නේ....
යම් සමාගමක බීටා අගය 1ට වඩා අඩු නම් එය කොටස් වෙළෙඳපොළට සාපේක්ෂව අවධානම අඩු සමාගම් කොටසක් ලෙස හැදින්විය හැකිය. එනම් කොටස් මිළ ඉහළ පහළ යාම ඉතා මන්දගාමී ලෙස සිදුවේ...
නමුත් යම් සමාගමක බීටා අගය 1ට වඩා වැඩි අගයක් ගන්නේ නම් එය කොටස් වෙළෙඳපොළට සාපේක්ෂව අවධානම වැඩි කොටසකි. එනම් එම කොටසේ මිළ ඉහළ පහළ යෑම ඉතා කෙටි කාළයක් තුළ සිදුවේ.
ඒ නිසා බීටා අගය ඉහළ අගයක් ගන්නා සමාගම් වල අවධානම ද වැඩි අගයක් ගන්නා අතර එම සමාගම් කොටස් වලට වැඩි ප්‍රතිලාභයක්ද ලබා දිය හැක. එයට හේතුව කොටස් වෙළෙඳපොළට සාපේක්ෂව මිළ ඉතා වේගයෙන් ඉහළ පහළ යන නිසා, බීටා අගය අඩු සමාගම් වල ප්‍රතිලාභය අඩු අතර. එම කොටස් වල අවධානමද අඩු අගයක් ගනී. එයට හේතුව එම කොටස් වල මිල ඉහ පහළ යාම මන්දගාමීව සිදුවන නිසා...
යම් සමාගම් කොටසක බීටා අගය 1 ලෙස සිතමු. එවිට කොටස් වෙළෙඳපොළ 10% ක ප්‍රතිලාභයක් ලබා දෙන විට මෙම කොටසද ලබා දෙන්නේ 10% ක ප්‍රතිලාභයකි.
Image result for 10%
එලෙසම යම් සමාගම් කොටසක බීටා අගය 1.5 ලෙස සිතුවහොත් කොටස් වෙළෙඳපොළ මගින් 10%ක ප්‍රතිලාභයක් ලබා දෙන විට මෙම සමාගම් කොටස 15%ක ප්‍රතිලාභයක් ලබා දෙයි.
මෙලෙසම කොටස් වෙළෙඳපොළ 5%ක් පහත බැස්සහොත් බීටා අගය 1.5 වන සමාගම් කොටසක මිළ 7.5%කින් පහත බසින බව එමගින් කියවේ.
බීටා අගය මෙලෙස අවධානම මැනීමට යොදා ගනු ලැබුවත් දීර්ඝ කාලීනව කොටස් වෙළෙඳපොළේ මුදල් ආයෝජනය කිරීමේ දී මෙය එතරම් ප්‍රයෝජනයක් නොමැත. නමුත් කෙටි කාලීන වශයෙන් සමාගම් කොටස් මිළ දී ගෙන විකුණන විට එම කොටස් වල අවධානම මැන ගැනීමට මෙය ප්‍රයෝජනවත් මිනුම් දණ්ඩකි.....
එහෙනම් බීටා අගය කියන්නෙ මොකක්ද කියලා දැන් හැමෝටම වැටහීමක් එන්න ඇති කියලා හිතනවා. වෙනදා වගේම කියන්න තියෙන්නේ මේ දේවල් වලින් ඔයාලගෙ ආයෝජනය සාර්ථක කරගෙන ඉදිරියටම යන්න කියලා තමයි. ලිපිය හොඳ නම් අදහසක් දාන්න. අඩු පාඩු තියෙනවා නම් පෙන්නලා දෙන්න. හැමෝටම ජය!
සටහන - ධර්මප්ප්‍රිය ආනන්ද විසිනි...

No comments:

Post a Comment