Monday, March 5, 2018

ලිපි අංක - 07

කොටස් වෙළෙඳපොළ ගැන....

Image may contain: text
ලිපි අංක - 07
කලින් මම ලියපු ලිපි වලට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුනා. ඒ හැමෝටම ගොඩාක් ස්තූතියි. අද මගෙ හත්වෙනි ලිපිය. මේ ලිපියෙන් මම කියලා දෙන්නේ කොටස් වෙළෙඳපොළේ තියෙන විවිධ වර්ගයේ කොටස් ගැන. අපි කොටස් වෙළෙඳපොළේ මුදල් ආයෝජනය කරද්දි ඒවා මොන විදිහේ කොටස්ද කියලා දැනගෙන ආයෝජනය කරන එක ගොඩාක් වටිනවා.

කොටස් වර්ග...

සාමාන්‍යයෙන් අපි බහුලව කතා කෙරෙන ප්‍රධාන කොටස් වර්ග 2ක් තියෙනවා. එයින් එක් වර්ගයක් තමයි සමාන්‍ය කොටස්. අනිත් වර්ගය වරණීය කොටස්. සාමාන්‍ය කොටස් කියන්නෙ මොනවද කියලා අපි දැන් බලමු.
Image result for ordinary share word

සාමාන්‍ය කොටස්...

සමාගමක වඩාත් ජනප්‍රිය හා ආයෝජකයින් වැඩියෙන්ම මිලට ගනු ලබන කොටස් වර්ගය තමයි මේ වර්ගය. මේ කොටස් මිලදී ගන්න අය සමාගමේ සැබෑ අයිතිකරුවන් බවට පත්වෙනවා. සාමාන්‍ය කොටස් හිමියන්ට වාර්ෂික මහා සභා රැස්වීමට ද යා හැක. ඒ ඔවුන් සමාගමේ නියම අයිතිකරුවන් නිසා. සාමාන්‍ය කොටස් හිමියන්ට නිශ්චිත ලාභාංශ ප්‍රමාණයක් හිමි වෙන්නේ නෑ. සමාගම පාඩු ලබන කාල වල දී අඩු ලාභාංශ ප්‍රතිශතයකුත්, සමාගම ලාභ ලබන කාළ වල දී වැඩි ලාභාංශ ප්‍රතිශයකුත් ඔවුන්ට හිමි වෙනවා. සමාගම විශාල ලෙස පාඩු ලැබුවහොත් එම කාල වල දී සාමාන්‍ය කොටස් හිමියන්ට ලාභාංශ ලැබෙන්නේ නෑ. සමාගම යම් කිසි දෙයක් සම්බන්ධයෙන් තීරණයක් ගතහොත් එයට අදහස් ප්‍රකාශ කිරීමට සාමාන්‍ය කොටස් හිමියන්ට අයිතිය තියෙනවා.. සමාගම යම් හේතුවක් නිසා වසා දැමීමට තීරණය කළහොත් අනෙකුත් බාහිර පාර්ශ්වයන්ට ගෙවීමට ඇති සියලුම වගකීම්වලින් නිදහස් වීමත් පසුව සාමාන්‍ය කොටස්කරුවන් ගේ වගකීම පියවීම සිදුකරනු ලබයි. සාමාන්‍ය කොටස් ද තවත් වර්ග දෙකකට බෙදේ.
1. ඡන්දබලය සහිත සාමාන්‍ය කොටස්
2. ඡන්ද බලය රහිත සාමාන්‍ය කොටස්
සමාගම පවත්වනු ලබන සභා රැස්වීමේදී සිය ඡන්දය භාවිතා කිරීමට හැකි කොටස් ඡන්ද බලය සහිත කොටස් ලෙසත් එම මහා සභා රැස්වීමේදී ඡන්දය භාවිතා කළ නොහැකි නමුත් අනෙකුත් සියලුම වරප්‍රසාද හිමිවන කොටස් ඡන්දබලය නොමැති කොටස් ලෙස හැඳින්වේ.

වරණීය කොටස්...

වරණීය කොටස් හිමියන් නිශ්චිත ලාභාංශ ප්‍රතිශතයකට හිමිකම් කියන අතර, ඔවුන්ට සමාගම පාඩු ලැබුවත් එකග වූ ලාභාංශය ලැබෙනවා. එ නිසා වරණීය කොටස් හිමියන් සිදු කරන්නේ සමාගමේ කොටස් ප්‍රාග්ධනයට දායක වෙලා එකඟවූ ලාභාංශ ප්‍රමාණයක් ලබා ගැනීමයි. මෙහිදී සමාගමට කිසියම් ණය මුදලක් දීමක් ලෙස ද සැලකිය හැකි ය. ඒත් කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ බහුලවම කොටස් ගනුදෙනු සිදුවන්නේ සාමාන්‍ය කොටස් මඟිනි.
දැන් අපි සාමාන්‍ය කොටස් කියන්නේ මොනව ද, වරණීය කොටස් කියන්නෙ මොනවද කියලා දැන ගත්තා. ඊළඟට අපි බලමු කොටස් වෙළෙඳපොළේ තියෙන විවිධ වර්ගයේ කොටස් ගැන.
Image result for company share

විවිධ වර්ගයේ කොටස්....

බෝහෝ ආයෝජකයින් තමාගේ ආයෝජන කළඹ සකස් කිරීමේ දී අවධානම අඩු කර ගැනීමට විවිධ වර්ගවල කොටස් මිළ දී ගන්නවා. ඒ මොනවද කියලා අපි දැන් බලමු.
Image result for Blue-chip stocks

1. Blue-chip stocks..(විශ්වාසදායක ආයෝජන ව්‍යාපාර වස්තු)

විශ්වාසදායක කියන වචනෙන්ම තේරෙනවනෙ මේ සමාගම් එයාලගෙ ව්‍යාපාරය හොඳට විවිධාංගීකරණය කරපු සමාගම්. හැබැයි ලාභාංශ ගෙවන්නෙ අඩුවෙන්. ඒකට හේතුව තමයි මේ සමාගම් එයාලගෙ ව්‍යාපාරය පුළුල් කිරීමට උපයන මුදල් යෙදවීම. මේ සමාගම්
වල කොටස් ඉහළ මිළකින් යුක්ත වන අතර ඉතා ප්‍රසිද්ධ සමාගම් වේ.
ජෝන් කීල්ස් හෝල්ඩින් පී.එල්.සී.
හේලීස් පී.එල්.සී.
Image result for Growth stocks

2. Growth stocks(වර්ධන ව්‍යාපාර වස්තු)


ඉපයුම් වර්ධය වැඩි වෙමින් පවතින සමාගම් වර්ධන ව්‍යාපාර වස්තු ලෙස හදුන්වනු ලබයි. මේ සමාගම් ද අඩු ලාභාංශයක් ගෙවයි. එයට හේතුව ඉපයුම් වැඩි කිරීමට සහ ව්‍යාපාරය දියුණු කිරීමට වැඩි මුදලක් යෙදවිය යුතු නිසා. නමුත් පසු කාලීනව සමාගම අපේක්ෂිත අරමුණට ළඟා වූ පසු ඉතා හොඳ ලාභාංශ අපේක්ෂා කළ හැක. සමාගම් වල වාර්ෂික වාර්ථාවෙන් වර්ධන ව්‍යාපාර වස්තු දැන ගත හැක.
ටීජේ ලංකා පී.ල්.සී.
Image result for Cyclical stocks

3. Cyclical stocks(චක්‍රීය ව්‍යාපාර වස්තු)

රටේ ආර්ථික තත්වය අනුව කොටස් වල මිළ ඉහළ හෝ පහළ යන සමාගම් වේ. මේවායේ ඉපයීම ද නිතර ඉහළ පහළ යයි. අවධානම අධික කොටස් ලෙස දැක්විය හැක.
මෝටර් රථ සමාගම්...
Image result for Defensive stocks

4. Defensive stocks(ආරක්ෂිත ව්‍යාපාර වස්තු)

කොටස් මිළ විචලනය වන්නේ ඉතා අඩුවෙනි. ඉපයුම් විශාල ලෙස ඉහළ පහළ නොයයි. චක්‍රීය කොටස් වලට වඩා අවධානම අඩු කොටස් වේ. ආහාර සහ බෙහෙත් ද්‍රව්‍ය සමාගම් මෙවැනි සමාගම් වේ.
කාගිල්ස් සිලෝන් පී.එල්.සී.
Image result for Speculative stocks

5. Speculative stocks(සමප්‍රේෂන ව්‍යාපාර වස්තු)

අලාභ ලැබීමට වැඩි ඉඩකඩක් පවතින සමාගම් මේ කොටසට ඇතුළත් වේ. මෙම සමාගම් ලාභ ලැබීමට ඇත්තේ ඉතා කුඩා අවස්ථාකි. ඉතා විශාල ප්‍රතිලාභයක් ලැබීමට විශාල අවධානමක් දරන සමාගම් වේ. තෙල් නිධි කැණීම් කරන සමාගම් වැනි සමාගම් මේ යටතට ඇතුළත් වේ.
ආයෝජයකෙකුගේ ආයෝජන කළඹක මෙම කොටස් තිබිය යුත්තේ ඉතාම සුළු ප්‍රතිශතයකි.
එහෙනම් ඉතින් අද ලිපියෙනුත් ගොඩාක් දේවල් කියලා දුන්නා. ලිපිය කියවලා අදහසක් දානවා නම් ගොඩාක් වටිනවා. ඔයාලගෙ ආයෝජනය සාර්ථක වේවා කියලා සුභ පතනවා!
සටහන - ධර්මප්ප්‍රිය ආනන්ද විසිනි.....

1 comment:

  1. Did you realize there's a 12 word sentence you can tell your partner... that will induce deep emotions of love and impulsive appeal for you buried within his heart?

    That's because hidden in these 12 words is a "secret signal" that fuels a man's impulse to love, please and care for you with his entire heart...

    12 Words That Fuel A Man's Love Response

    This impulse is so built-in to a man's brain that it will make him try better than before to love and admire you.

    Matter-of-fact, fueling this dominant impulse is absolutely mandatory to achieving the best ever relationship with your man that the second you send your man a "Secret Signal"...

    ...You'll soon find him open his mind and soul to you in a way he's never expressed before and he will identify you as the only woman in the world who has ever truly tempted him.

    ReplyDelete